By unusuma.lk on
(LK time)තමන්ට නියම වී ඇති මාස 06ක සිරදඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝසියස් ඇතුළු වගඋත්තරකරුවන් දෙදෙනා විසින් කොළඹ මහාධිකරණයට යොමු කිරීමට භාරදුන් අභියාචනය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (14) දින ප්‍රතික්ෂේප කර ඇත.
ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙස වග උත්තරකරුවන් විසින් එම අභියාචනය තුළින් ඉල්ලා තිබුණ අතර අභියාචනා අයදුම් පත අදාළ නඩු තීන්දුව ලබාදුන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
2016 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීමට කටයුතු කළ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කළේය.