By unusuma.lk on
(LK time)බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි.බී. දිසානායක මහතා අද (04) පැවැති මාධ්‍ය හමුවකදී පැවසූවේ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියන්ට තහනම් ද්‍රව්‍ය ලබාදීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මීට පෙර, 2024 ජූලි මාසයේදී, බූස්ස බන්ධනාගාරයේ විශේෂ කොටසක සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, ජංගම දුරකථන, චාජර්, ඩේටා කේබල් සහ සිම් කාඩ් වැනි තහනම් ද්‍රව්‍ය රැසක් සොයාගත හැකිවූ අතර 2024 දෙසැම්බර් මාසයේදී, එහි රෝහල් පරිශ්‍රයේ සහ බන්ධනාගාර පරිශ්‍රය තුළ තවත් ජංගම දුරකථන උපාංග තොගයක් සොයාගැනීමට හැකිවිය.
බූස්ස බන්ධනාගාරයේ පරිපාලනය හා රැඳවියන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව විශේෂ අවධානයක් යොමුව ඇති අතර ඉදිරි කටයුතු පිළිබඳව බන්ධනාගාර මුලස්ථානයේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
තහනම් ද්‍රව්‍ය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිලධාරීන් පිළිබඳව විමර්ශන කටයුතු දියත්ව ඇති අතර, ඉදිරියේදී අධිකරණ ක්‍රියාදාමයක් ගෙන යාමට නියමිතය.
බන්ධනාගාරගතව සිටින ඇතැම් රැඳවියන්ට විශේෂ පහසුකම් සලසා ඇති බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් ඊයේ (03) සිදුකළ චෝදනාව සහ යකඩ දම්වැලක සවිකළ මාංචු සැකකරුවන්ගේ දෑත්වලට දමා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් දැක්වීය.