By unusuma.lk on [last-modified] (LK time)
ඊයේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ භූගත බංකරයක සිරකර තබා අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික සෙබළියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හපුතලය සහ හලාවත ප්‍රදේශවල පදිංචි 41 සහ 44 වයස් වල පසු වන හිටපු නාවික හමුදා සුළු නිලධාරිනියන් දෙදෙනෙක් මෙලෙස මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ආංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අනුවවයි.
2010 වසරේ ජූලි මාසයේ දිනක එම පුද්ගලයා පැහැරගෙන ගොස් තිරිකුණාමලයය නාවික කඳවුරේ භූගත සිර මැදිරියක රඳවා තබා අතූරුදන් කර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.






