ඊශ්‍රායල හමුදාව විසින් මධ්‍යම ගාසා තීරයේ ඩීර් අල්-බාලා නගරය අසල පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් 15 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් 30 දෙනෙකු මිය ගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
ඊශ්‍රායලය විසින් ගෝලාන් කඳුකරයේ මජ්ඩාල් ෂම්ස් නගරයේ ඩ්රූස් ප්‍රජාවේ තරුණයින් 12 දෙනෙකු මරා දැමූ රොකට්ටුවක් හිස්බුල්ලා විසින් වෙඩි තැබූ බවට චෝදනා කිරීමෙන් පසු ඊශ්‍රායල හමුදාව දකුණු හා නැගෙනහිර ලෙබනනයේ ගම්මාන සහ නගරවලට බෝම්බ එල්ල කළේය.
හමාස් සංවිධානය විසින් ප්‍රහාර මෙහෙයවීමට සහ ආයුධ ගබඩා කිරීමට රහස් ස්ථානයක් ලෙස මෙම ස්ථානය භාවිතා කිරීම හේතුවෙන් ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායලය සදහන් කරයි.
එම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් වැඩි පිරිසක් දරුවන් බව හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.