සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අවුරුදු සමයේදී සංවිධානය කරන තරග සහ ඉසව්හිදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරිපත් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් ඉදිරිපත් කර ඇති මෙම මාර්ගෝපදේශ මාලාව තුළින් අදාළ උත්සව සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සහ හඳුනාගත් විශේෂිත ඉසව් සඳහා වන මාර්ගෝපදේශ විස්තර කර ඇත.
ඒ අනුව ගම හරහා දිවීම, මැරතන් තරග, පාපැදි තරග වැනි දිගු වේලාවක් පැවැත්වෙන ඉසව් සඳහා තරග වදින්නන් අවම වශයෙන් තරගයට පෙර සති 6කට පෙර පුහුණුවීම් සිදුකළ යුතු බවත් ඒ සඳහා පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම වඩාත් යෝග්‍ය බව සඳහන් කරයි.
තවද උත්සව පැවැත්වෙන ස්ථානයේ මනාව සන්නද්ධ කරන ලද ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් ඒ සඳහා අවශ්‍ය උපකරණ සහිත ස්ථානීය වෛද්‍ය පහසුකම් සහිත ස්ථානයක් පවත්වාගත යුතු බවද අදාළ මාර්ගෝපදේශ මාලාව මගින් දක්වා ඇත.
ඒ අනුව අදාළ මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසද සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

