Unusuma Media

118 Posts
දේශපාලකයින් දහසකගේ වත ගොත පොලීසි වෙත නිකුත් කරයි.!

දේශපාලකයින් දහසකගේ වත ගොත පොලීසි වෙත නිකුත් කරයි.!

මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම්දි ඇත්තේ, පසුගිය මැතිවරණයෙන් පසු මෙතෙක් වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බාර දෙන ලෙසයි.

එම දැනුම්දීම අනුව, මේ වනවිට කටයුතු ආරම්භවී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.

ඉන් අනතුරුව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ මැදිහත්වීමෙන් එම අපේක්ෂකයන්ට නඩු පැවරෙනු ඇත.

මැතිවරණ කොමිසමේ වාර්තාවන් අනුව මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8888 දෙනාගෙන් 1040 දෙනකු මෙතෙක් වියදම් වාර්තා බාරදීම මගහරමින් සිටිති.

පසුගිය දෙසැම්බර් 6 වැනිදායින් මහ මැතිවරණයේ වියදම් වාර්තා බාරදීමේ කාලය අවසන් විය.

සතුටින් පවුල්කන්න මෙන් කයර් පුහුණුවක්.!

සතුටින් පවුල්කන්න මෙන් කයර් පුහුණුවක්.!

පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර, මධ්‍යම නුවරගම් පළාතේ පවුල් 17 ක් හා තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් පවුල් 15 ක දු දරැවන් ඇතුළු සමාජිකයන් පිරිසක් එක්කරගනිමි සිදු කෙරිණි.

අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකරණ නිලධාරි එච්.එම්. අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි පැවැත්වූ මෙම වැඩසටහනේදී සම්පුර්ණ දවසක් එකට එක්ව ගතකිරිමේ අවස්ථාව මෙහිදි ඔවුනට උදාවිය.

පවුල්තුල පවත්නා සුළු සුළු ආරවුල් හිත් අමනාපකම් හදුන්වා දිම තුලින් සාර්ථක පවුල් ජිවිතයක් තුලින් හොද ආදායක් සහිත පවුල් එකකයක් විමට අවශ්‍ය දැනුම මෙහි දි ඔවුනට ලබා දෙන ලදි. 

නින්දා අපහාස මැද ආ ගමනේ නන්දලාල් නාමය ඉතිහාස ගතවෙයි.!

නින්දා අපහාස මැද ආ ගමනේ නන්දලාල් නාමය ඉතිහාස ගතවෙයි.!

1995 වසරේ සිට “වසරේ ශ්‍රී ලාංකිකයා” සම්මානය ලබාදෙන මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන “එල්.එම්.ඩී” සඟරාව 2024 වසර සඳහා ” වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම්කර ඇත.

“එල්.එම්.ඩී” සඟරාව විසින් ලබාදෙන මෙම සම්මානය වසරේ විශිෂ්ඨතම සම්මාන අතරින් ප්‍රධාන ස්ථානයක් හොබවයි.

එල්.එම්.ඩී සඟරාව විසින් මෙවර ලබාදුන්නේ 30 වැනි වතාවට පිරිනැමූ “වසරේ ශ්‍රී ලාංකිකයා” සම්මානය වේ.

මෙරට දැඩි ලෙස කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීම ආරම්භ වීම මහ බැංකු අධිපතිවරයාගේ නායකත්වයෙන් සිදුවූ බවත් ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති අභියෝග පිළිබඳව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යථාර්තවාදී වූ බවත් “එල්.එම්.ඩී” සඟරාව පවසයි.

නන්දලාල් මහතා පසුගිය 2022 වසරේ මහ බැංකු භාරගත් අවස්ථාවේ මෙරට උද්ධමනය සියයට 29.8 ක් වූ බවත් පසුව නොවැම්බර් මාසයේදී උද්ධමනය සියයට 61 දක්වා ඉහළ ගිය බවත් පසුව 2023 වසරේදී නැවතත් ක්‍රමිකව මෙරට උද්ධමනය තනි ඉලක්කමක් කරා ගෙන ආ බවත් “එල්.එම්.ඩී” සඟරාව පෙන්වාදෙයි.

ආචාර්ය නන්දලාල් මහතා විසින් ගත් දැඩි ප්‍රතිපත්තිමය තීරණ මත මෙලෙස උද්ධමනය පහළ ගිය බවද එහි වැඩිදුරටත් සඳහන්.

නිල ඇඳුම ගැලවූ ශවේන්ද්‍ර රහසක් හෙළි කරයි.!

නිල ඇඳුම ගැලවූ ශවේන්ද්‍ර රහසක් හෙළි කරයි.!

නිල බලයෙන් උමතුවී ජන ඝාතකයකුවීමට තමාට අවශ්‍ය නොවූ බවත් අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ සාමාන්‍ය වැසියකුට වෙඩි තැබීමට තමා නියෝග නුදුන් බවත් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (31) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ශවේන්ද්‍ර සිල්වා මහතාගේ 41 වසරක යුද දිවියෙන් විශ්‍රාම යාම නිමිත්තෙන් පැවැති උත්සවයකින් අනතුරුව එතුමා නිකුත් කළ විශේෂ ප්‍රකාශයක මෙම කරුණු සදහන් වේ.

ජන ඝාතකයකුවීමට තමා උත්සුක නොවූ හෙයින් සෙසු රටවල් මෙන් මෙරට අපායක් නොවී බේරුණු බවද එහි වැඩිදුරටත් සඳහන්.

රාජ්‍යය පාවාදීමේ අසීල දුර්ජන පරමාර්ථයක් තවාට නොවූ බවත් විදෙස් රටක බළල් අතක් වීමට හෝ විදෙස් තානාපති කාර්යාලයක සුරතලකුවීමටද ආශාවක් නොතිබුණු බවත් එම සටහනේ සඳහන් වේ.

ජනවාරි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය නිකුත් කරයි.!

ජනවාරි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය නිකුත් කරයි.!

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනයක් නිකුත් කරමින් ජනවාරි මසට අදාළ ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ.

එම සංශෝධනය අනුව භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කර ඇති අතර අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මකයි.

ඒ අනුව භූමිතෙල් නව මිල රුපියල් 183ක් ලෙස සඳහන් වේ.

තවත් පිරිසක් පුදුම වෙන්නයි යන්නේ.. කෙඳිරිගෑවෙන ලැයිස්තුවක් එලියට.!

තවත් පිරිසක් පුදුම වෙන්නයි යන්නේ.. කෙඳිරිගෑවෙන ලැයිස්තුවක් එලියට.!

සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පෙරේදා(28) වැල්ලවත්තේදී පැවැති සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංසදයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සුවිශේෂී කරුණක් හෙළිදරව් කළේය.

මැති ඇමතිවරුන් 1994 සිට මේ දක්වා රජයේ බැංකුවලින් ලබාගෙන ඇති ණය පිළිබඳ විස්තර තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගැනීම සදහා ප්‍රධාන පෙළේ ව්‍යවසායකයන් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවට හෙට (30) දිනයේ යෑමට නියමිත බව හෙතෙම පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ, හිටපු මැති ඇමතිවරුන් රැසක් ලක්ෂ පනහේ සිට සීය දක්වා එලෙස ණය ලබාගෙන ඇති බවයි.

රට මුහුණ දුන් ණය අර්බුදයේ මුල ඇත්තේ එතන බවත් එය රටට හෙළිදරව් කළයුතු බවත් ඔහු සඳහන් කළේය.

වෙනස් පාරක දුවන්න සැරසෙන සුගත්ගෙන් දැඩි තීන්දු රැසක්.!

වෙනස් පාරක දුවන්න සැරසෙන සුගත්ගෙන් දැඩි තීන්දු රැසක්.!

නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පසුගියදා මහනුවර බෝගම්බර පිටියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඉන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන්, ක්‍රීඩා සංගම් නියෝජිතයන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, පුද්ගලික වාසි ප්‍රයෝජන නොතකා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැපවීමක් ඇති පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් බවයි.

එහිදී රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කඩාවැටීමට හේතු දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, ක්‍රීඩකයින් සහ පාලන අධිකාරිය යන දෙපාර්ශවයම සිය පුද්ගලික අභිමතාර්ථයන් තකා කටයුතු කිරීම එම කඩාවැටීමට හේතු වී ඇති බවයි.

පසුගිය කාලසීමාව පුරාවට බොහෝ අනවශ්‍ය වියදම් සිදුකර ඇති නමුත් අත්‍යවශ්‍ය අංශ සඳහා ප්‍රමාණවත් පහසුකම් සැලසී නොමැති බව පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා එම පහසුකම් සැලසීමට රජය සූදානම් බවද අවධාරණය කළේය.

සැමට මනුෂ්‍යත්වයේ සාමය රැඳි නත්තලක්.!

සැමට මනුෂ්‍යත්වයේ සාමය රැඳි නත්තලක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල නත්තල් දින සුබ පැතුම් පණිවිඩය දැනුම්දෙමින් පවසන්නේ, මනුෂ්‍ය නිදහස, සාධාරණත්වය අගයමින් ජේසුස් වහන්සේ කළ මඟ පෙන්වීම යථාවත් කිරීමට රජයක් ලෙස කැප වී සිටින බවයි.

ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය වන නත්තල ලොව පුරා ක්‍රිස්තු භක්තිකයෝ මහත් හරසරින් සමරති.

සියල්ලෝ දුකින් මුදා ගැනීම සඳහා මෙලොව එළිය දුටු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කිසිඳු විටෙක ජනතාව දෙස ධනවත්, දිළිඳු ආදී වූ භේද ඇසතින් නොබැලූහ.

උන්වහන්සේ දේව බිළිඳුන් ලෙස මෙලොව බිහි වූ දිනයේදී අතිශය දිළිඳු සහ අහිංසක මනුෂ්‍ය ප්‍රජාවක් වූ එඬේරුන් අතර ඉපදීමට තෝරා ගත්තේද, දේව දූතයන් ඔවුන් වෙත සුබ පණිවිඩය ගෙන ආවේද එහෙයිනි. එහෙයින්, නත්තලේ යටි අරුත වනුයේ වාද බේද දුර ලා මනුෂ්‍යත්වයේ නාමයෙන්, සමගියෙන් හා සාමයෙන් කටයුතු කිරීමයි.

සාමයේ පණිවිඩය රැගෙන ආ නත්තල අප සමරනුයේ නත්තලේ සැබෑ අරුත වන සාමය විද්‍යාමාන වන පසුබිමක සිට වීම මෙහි ලා සඳහන් කරනුයේ හදමහත් ප්‍රීතියෙනි.

සියලු ජන කොටස් එකාවන්ව ඒකායන පරමාර්ථයකින් සාමුහික වගකීමක් සේ සලකා දේශයේ අනාගතය වෙනුවෙන් එකමුතු වූ අවස්ථාවකට අප එළැඹ ඇත්තෙමු. සාමයේ හා සමගියේ යදමින් බැඳි දේශයට උදාවන නව අරුණැල්ලක පහස විඳිමින් සිටින්නෙමු.

එම ප්‍රදීප්තය ජේසුස් වහන්සේ අප වෙත රැගෙන ආ ප්‍රේමයේ ඇරුණැල්ලමය. භේදයේ අඳුර දුර ලා සාමය රජයන සහෘදයින්ගේ දේශය බවට අප රට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් පවතින බව අපි අත්දකිමු. මනුෂ්‍ය නිදහස හා සාධාරණත්වයේ පදනම මත පිහිටා ජේසුස් වහන්සේ කළ අරගලය නිසාම උන්වහන්සේ පූජනීයත්වයට පත් විය. එම මනුෂ්‍ය නිදහස සහ සාධාරණත්වය අගයමින් උන්වහන්සේගේ මඟ පෙන්වීම වර්තමානයේ යථාවක් කිරීමට රජයක් ලෙස අප කැප වී සිටින්නෙමු.

වර්තමානයේ ශ්‍රී ලංකාවට අවැසි සමාජ පරිවර්තනය දැවැන්ත සමාජ පරිවර්තනයකි. නිදහසින් අවුරුදු 76කට පසුව සිදු වීමට නියමිත ක්ෂේත්‍ර එකක හෝ කිහිපයක පරිවර්තනයකට එහා ගිය සමස්ත සමාජ පරිවර්තනයකි. පුනරුදයකි. එම ජාතික පුනරුදය වෙනුවෙන් ඉමහත් කැපවීමකින්, ඉවසීමකින්, සංයමයකින්, අප්‍රතිහත ධෛර්යෙන් හා නොපසුබස්නා වීර්යයෙන් යුතුව කටයුතු කරමින් සිටින අප රජය වටා රොඳ බැඳගත් දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිඳු අයුරකින් කඩ වීමට ඉඩ නොතබා ඔවුන් අපේක්ෂා කරන “පොහොසත් රටක් – ලස්සන් ජීවිතයක්” උදා කර දීමේ ඒකායන අරමුණ වෙනුවෙන් තව තවත් වීර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව කැප වන බව මෙම උතුම් නත්තලේදී මම යළි අවධාරණය කරමි.

ආත්මාර්ථකාමී හා අහිතකර තරගයට සමාජ පද්ධතිය විසින් බල කරනු ලැබ ඇතත්, නත්තලේදී ප්‍රකට කරන මානව ගුණාංග සිත් තුළ වර්ධනය කර ගනිමින්, සමානාත්මතාව ගරු කරමින්, අනෙකා පිළිබඳ හැඟීමෙන්, සහෝදරත්වය, සහජීවනය අගයමින්, ඒ සමාජ පද්ධතිය, යහපත් හා සතුටු දායක සමාජයක් කරා මෙහෙය වීමට සැවොම අත්වැල් බැඳ ගැනීම මේ මොහොතේ පුරවැසියන් ලෙස අප ගත යුතු තීරණයයි. ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය අරමුණු කර ගත් අව්‍යාජ ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් මෙන්ම, මනුෂ්‍යත්වය හා නිදහස පිරුණු, සුන්දර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වීමට මෙම උතුම් නත්තලේ දී අපි සියලු දෙනා අදිටන් කර ගනිමු.

ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සමස්ත කිතුනු බැතිමතුන්ට සුබ නත්තලක් වේවා’යි ! ප්‍රාර්ථනා කරමි.

කසිප්පු වසංගතයට කොටුවෙන් පිට විසඳුමක්.. අඩු මිලට නව අරක්කු මාදිලියක් වෙළෙඳපොළට.!

කසිප්පු වසංගතයට කොටුවෙන් පිට විසඳුමක්.. අඩු මිලට නව අරක්කු මාදිලියක් වෙළෙඳපොළට.!

රට තුළ නීති විරෝධී මත්පැන් විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති බවත්, එම හේතුවෙන් රජයේ සුරාබදු ආදායම 30% කින් පමණ අහිමිව ඇති බවත් නව සුරාබදු කොමසාරිස් යු. එල්. උදය කුමාර පෙරේරා මහතා පවයි.

ඔහු පවසන්නේ නීතිවිරෝධී මත්පැන් නැති කිරීම වැටලීම්වලින් පමණක් සිදුකළ නොහැකි බැවින් ඒ සඳහා යොමුවී සිටින මහජනතාවට විකල්ප යෝජනාවලියක් ගෙන ආ යුතු බවයි.

ඊට විකල්ප විසඳුමක් ලෙස මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර අඩු මුදලකට මිලදීගත හැකි මත්පැන් බෝතලයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් එහි ප්‍රමිතිය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂා කර පසුව එහි අනුමැතිය ඔස්සේ වෙළඳපොළට නිකුත් කරන බවත් හෙතෙම පවසයි.

මෙය සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කරගැනීම හෝ මත්පැන් ප්‍රවර්ධනය කිරීමක් නොවන බවත් නීති විරෝධී මත්පැන්වලින් සමාජයේ ජීවත්වෙන අය ගලවා ගැනීමට සිදු කරන වැඩපිලිවෙලක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

පසුගිය දෙසැම්බර් 10 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන ආ යෝජනාවකට අනුව යු. එල්. උදය කුමාර පෙරේරා මහතා නව සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත්කෙරිණි.

අර්චුනාට විපතක්.. ඩයනා හාන්සි කළ ඔෂල හේරත් වැඩ අල්ලයි.!

අර්චුනාට විපතක්.. ඩයනා හාන්සි කළ ඔෂල හේරත් වැඩ අල්ලයි.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මියගේ දිත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ ගැටලුව අධිකරණය වෙත ගෙන ගිය අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට අභියාචනාධිකරණය අද නියම කළේය.

සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධීකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම අද කැඳවනු ලැබු අතර එහිදී අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 15 වනදා කැඳවන ලෙසට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පසුගිය මහ මැතිවරණයේදී රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිසම වෙත භාරදී ඇති බවට අදාල පෙත්සම මඟින් ඔෂල හේරත් මහතා පෙන්වාදී තිබේ.


රාජ්‍ය සේවකයෙකු ඉන් ඉවත් නොවී එලෙස නාමයෝජනා භාරදීම නීති විරෝධී බව පෙන්වා දෙන පෙත්සම්කරු එය මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි බව සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වග උත්තරකාර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කර එම මන්ත්‍රී ධුරය බල රහිත කරනා ලෙස පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

We are happy to invite you.