බදුලු කුමාරිය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කිරුළක් ගෙන එයි.!

ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) නමැති ලොව පුරා සංචා­ර­ක­යන්ට හොඳම ගම­නාන්ත සම්බ­න්ධ­යෙන් මඟ­පෙ­න්වන සුප්‍ර­කට ආය­ත­න­ය මඟින් 2025 වසරේ ලොව හොඳම සංචා­රක දුම්රිය ගමන් ලැයි­ස්තු­වට කොළඹ – බදුල්ල දුම්රිය ගමනද එක් කර තිබේ.

ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) ආයතනය විසින්, අම­තක නොවන වික්‍ර­මා­න්විත, ඉහළ සංචා­රක අත්දැ­කීම්, දර්ශ­නීය ගම­නාන්ත, ආක­ර්ෂ­ණීය ස්ථාන ලැයි­ස්තු­වක් සෑම වස­ර­කම ප්‍රකා­ශ­යට පත් කරන අතර ඒ අනුව 2025 සඳහා ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) ආය­ත­නය එවැනි දුම්රිය ගමන් 24ක් මෙවර ලැයි­ස්තු­වෙත හඳුන්වා දී තිබේ.

Lonely Planet ආය­ත­නය කොළඹ – බදුල්ල දුම්රිය ගමන මේ ලැයි­ස්තුවේ 17 වැනි ස්ථාන­යට ශ්‍රේණි­ගත කර ඇති අතර දුම්රිය මාර්ගයේ අස­ම­සම දර්ශ­නීය සුන්ද­ර­ත්වය සහ එම­ඟින් සංචා­ර­ක­යන්ට දෙන විශිෂ්ට සංස්කෘ­තික අත්දැ­කීම පෙන්වා දෙයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.