බයිඩන් සහ ට්‍රම්ප් ප්‍රසිද්ධ විවාදයක.. දෙදෙනාම රෙදි ගලවා ගනී.!

එළැඹෙන නොවැම්බර් (05) වනදා පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් CNN රූපවාහිනිය මගින් සංවිධානය කළ විවාදයට සහභාගී ඇත.

ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධ විවාදයකට එක්වූ පළමු අවස්ථාව මෙය වන අතර එම විවාදයට බාධා කිරීම් අවම කිරීමට එක් අපේක්ෂකයෙක් කතා කරන විට අනෙක් අපේක්ෂකයාගේ මයික්‍රෆෝනය නිහඩ කර ඇත.

CNN රුපවාහිනි නාලිකාව එම විවාදය සජීවීව විකාශය කළ එම විවාදය රටේ විශාල පිරිසක් නරඹා තිබුණ ද විචාරකයින් පවසන්නේ ඔවුන් දෙදෙනා “බොරු කියන” බවට එකිනෙකාට චෝදනා කරගත් බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්, බයිඩන් ගේ ආර්ථික ප්‍රතිපත්ති සහ විදෙස් ප්‍රතිපත්ති විවේචනය කළ අතර බයිඩන්, ට්‍රම්ප් ගේ අපරාධ සම්බන්ධයෙන් හා 2020 වසරේ ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවටද චෝදනා කළේය.

තවද ස්ටෝමි ඩැනියෙල්ස් නම් නිල් චිත්‍රපට නිළියක් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ තිබූ සම්බන්ධතාව ගැන ජෝ බයිඩන් මෙම විවාදයේදී කරුණු දක්වා තිබූ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් මෙම විවාදයේදී වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රතිචාර සහ සමහර උත්තර සම්බන්ධයෙන් සමස්තයක් වශයෙන් ඩිමොක්‍රටික් ආධාරකරුවන් සතුටු නොවු බව දේශපාලන විචාරකයෝ සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close