By unusuma.lk on [last-modified] (LK time)
බංග්ලාදේශ රජයෙන් මානුෂීය සහන තොගයක් රැගත් ගුවන් යානයක් අද (03) දින මෙරටට ළඟාවිය.
බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් ‘C-130’ ගුවන් යානයක් මෙලෙස පැමිණි අතර එහි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියාස් විසින් සහනාධාර තොගය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මයුරි පෙරේරා වෙත භාර දුන්නේය.






