By unusuma.lk on
(LK time)මෙරට බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද 10% දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කර ගැනීමට පෙළෙඹෙන බවත් ඉන් බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් උද්ගත වන බව ආර්ථික විශ්ලේෂකයෝ සදහන් කරයි.
බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද 5%ක්ව පවතින වර්තමානයේත් බොහෝ දෙනෙක් සිය තැන්පතු ඉවත්කර ගෙන තිබෙන බවත් මේ හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එම පොලියෙන් ලැබුණු ආදායම රුපියල් බිලියන 13 සිට 05ක් දක්වා අඩුවී තිබෙන බව බැංකුකරුවන්ගේ ආයතනය සදහන් කරයි.
බැංකු පොලියෙන් අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද 10% ක් දක්වා වැඩි කිරීම නිසා ඒ ආදායම තවදුරටත් අඩුවනු ඇතැයි ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කරයි.