By unusuma.lk on
(LK time)ජනාධිපති අනුර කුමාර දිසානායකට මුදල් අමාත්‍යවරයා ලෙස ලැබී ඇති බලතල ප්‍රකාරව මධ්‍යසාර සහ දුම්වැටි මත පැනවුණු සුරාබදු අද (11) දිනයේ සිට ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදිත විශේෂ අරක්කු සදහා යොදාගන්නා මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7,244ක් වන අතර මොලෑෂස්, තල්, පොල් සහ පදම් කළ අරක්කු සදහා යොදා ගැනෙන මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7,752කි.
ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදිත විදෙස් මත්පැන් සදහා යොදාගන්නා මධ්‍යසාර ලීටරයක් සදහා රුපියල් 7,969ක බද්දක් පනවා ඇති අතර මධ්‍යසාර කාණ්ඩ 9ක් සදහා අය කෙරෙන බදු අද දිනයේ සිට සංශෝධනය කර ඇත.
නව බදු සංශෝධනත් සමග රුපියල් 3,580ක් වූ ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 102කින් වැඩිකර ඇති අතර රුපියල් 3,850ක් වූ පොල් අරක්කු බෝතලයක් රුපියල් 109කින් වැඩිකර ඇත.
පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 4,000ක්ව පැවති අතර එහි මිල රුපියල් 109කින් ඉහළ නංවා ඇති අතර රුපියල් 4,250ක් වූ අති විශේෂ පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 109කින් වැඩිකර ඇත.
සැර අඩු බියර් බෝතලයක් රුපියල් 30කින් වැඩිකර ඇති අතර සැර වැඩි බියර් බෝතලයක් රුපියල් 40කින් වැඩිකර ඇති අතර දේශීයව නිපදවන විදේශීය විස්කි බෝතලයක මිල රුපියල් 100කින් වැඩිකර ඇත.