By unusuma.lk on
(LK time)මේ 2024 වසරේ වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු 1,655ක් රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
එම වෛද්‍යවරුන් 1,082 දෙනෙක් වැටුප් රහිත නිවාඩු ලබා විදේශගතව ඇති අතර 573 දෙනෙක් විදේශගත වී ඇත්තේ අමාත්‍යංශයට නොදන්වා හොර රහසේ බව අමාත්‍යංශ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
ඉකුත් වසරේ 706 දෙනකු විදේශගත වී තිබූ අතර 2022 වසරේ 584 දෙනෙක් ද, 2021 වසරේ 259 දෙනෙක් ද, 2020 වසරේ 106 දෙනෙක් ද මෙසේ විදේශගත වී ඇත.
මෙම සංඛ්‍යාව ඉතිහාසයේ විදේශගත වී ඇති වැඩිම වෛද්‍යවරුන් සංඛ්‍යාව බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.
වැටුප් සංශෝධන හා බදු සහන නොලැබුණොත් ඉදිරියේදී මේ තත්ත්වය තවදුරටත් වැඩි විය හැකි යැයිද සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව තවදුරටත් සදහන් කරයි.