By unusuma.lk on
(LK time)ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද (20) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාකදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ පසුගිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය තෙල් නළ මෙරට තුළ ඉදිකිරීමේ කිසිදු එකඟතාවයකට නොපැමිණි බවයි.
මෙහිදී විජිත හේරත් මහතා පවසා සිටියේ, දැනට යෝජනාවී තිබෙන ඉන්දියාව සහ ලංකාවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් අතර තෙල් නළ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා ඉදිරියට ගෙන යාමේ එකඟතාවයකට පමණක් පැමිණි බවත් ඒ හැර ඉන්දියාවේ තෙල් නළයක් ලංකාවට එළීමේ එකඟතාවකට පැමිණි බවට ප්‍රවෘත්ති නිර්මාණය කිරීම සාවද්‍ය බවයි.