By unusuma.lk on
(LK time)අද (21) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය රාජකාරී කටයුත්තක් සඳහා කොළඹ වරාය පරිශ්‍රයට පැමිණියේය.
එහිදී මාධ්‍යවේදියෙකු විසින් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ “මේ ආණ්ඩුව ආව ගමන් පොල් මිල වැඩි වීමට හේතුව කුමක්ද” යන වගයි.
ඊට පිළිතුරු දක්වමින් බිමල් රත්නායක මහතා මෙසේ පිළිතුරු ලබාදුන්නේය.
“අපේ රටේ තියෙන දේශගුණය අනුව දෙසැම්බර් මාසයේදී කොහොමත් පොල් හිඟයක් එනවා.. පොල් හිඟයට හේතු ගනණාවක් තියෙනවා. සාමාන්යෙන් පොල් ගහක් හිටවලා ගෙඩි හැදෙන්න කොච්චර කාලයක් යනවද.. ඔය නාලිකාවේ අයිතිකාරයගෙනුත් අහන්න ඕනෙ.. පොල් ගහක් හැදෙන කොච්චර කල් යනවද කියල.. මිනිස්සුන්ට පිස්සු නෑ.. මිනිස්සුන්ට අමාරුයි. ඒක ඇත්ත.. හැබැයි මිනිස්සුන්ට පිස්සු නෑ.. හැබැයි මම හිතනවා රනිල්ලා, මහින්දලා, සජිත්ලා එක්ක අව්රුදු 76ක් හිටපු මිනිස්සු රිලව් එක්ක මාස 6ක් ඉඳීවි.. ඒ ප්‍රශ්නෙ කෘෂිකර්ම අමාත්‍යංශයත් පරිසර අමාත්‍යංශයත් බොහොම විද්‍යානුකූලව විසඳයි. මිනිස්සුන්ට පිස්සු නෑ මෙයා.”