මේ රට විනාශ කරපු කණ්ඩායම් මයික් කටාර්ලා වෙලා හොර චැනල් දෙකක බොරු කියන බවත් බොරු කියලා මිනිස්සු තමන්ගේ පැත්තට ඇවිල්ලා කියා හිතන් ඉන්න බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“නාමල් රාජපක්ෂලා කියනවා, ශිරන්ති රාජපක්ෂ මහත්මියලා කියනවා, අපි පළිගන්නවා. නාමල් රාජපක්ෂ මන්ත්රීතුමාම කිවුවා එතුමාට දාල තියෙන නඩු ඔක්කොම දාලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ කියලා.
එතුමා කිවුවා නේද. එතුමා කිවුවා රනිල් වික්‍රමසිංහ දාපු නඩු තමයි තියෙන්නේ කියලා. මේ නඩු සියල්ලම එතුමාම කිවුවා දාලා තියෙන්නේ, එහෙනම් පළිගැනීම මොකක්ද.?
අද මේ රට විනාශ කරපු කණ්ඩායම් මයික් කටාර්ලා වෙලා හොර චැනල් දෙකක් තියෙනවා, ඒ චැනල් දෙකේ මෙතන බොරු කියනවා. බොරු කියලා හිතන් ඉන්නවා මිනිස්සු තමන්ගේ පැත්තට ඇවිල්ලා කියලා.
එහෙම වෙලා නෑ. මොකක්හරි පොල් වත්තක ගුබ්බෑයමකට ගිහිල්ලා ෆොටෝ එක සූම් කරලා අරගෙන දානවා විසිපන්දාහක් හිටියා කියලා. ඒ නිසා ඔය සෙනගවල් වලට අපි මේවා වෙන්නෑ. අපි මේ රටේ ජනතාවට වගකීමක් ඇතුව කටයුතු කරගෙන යනවා.”

