බිංගිරියේ පරණ හයිය පෙන්නූ පිරිසට වැඩ වරදී.!

ඊයේ (30) බිංගිරිය බෙන්ජි ගාමන්ට්ස් කම්හල් පරිශ්‍රයක් තුළ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනාට හිරි හැර කළ පිරිස අතරින් පොලිස් අත්අඩංගුවට ගෙන සිටිනා සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිස් අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර වැඩබලන මහෙස්ත්‍රාත් ඒ. සී. ඒ. සලාම් මහතා විසින් සැකකරුවන් දෙදෙනා ජනාවාරි මස 7වන දින දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

එදින එම සැකකරුවන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමටද නියමිත අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.