චක්‍රලේඛය නිකුත්වෙයි.. රාජ්‍ය සංස්ථාවලට භාණ්ඩාගාරයෙන් බෝනස් නෑ.!

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඊයේ (24) දිනයේ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින්, සියලු අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත. 

2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම සිදුකළ යුතු ආකාරය පිළිබදව එම චක්‍රලේඛය මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

2023 වර්ෂය තුළ ලාභ උපයා බදු පසු ලාභයෙන් අවම වශයෙන් 30%ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස හෝ අයබදු ලෙස ගෙවා ඇති ආයතනවල සේවකයින් සඳහා රුපියල් 25,000ක හෝ 20,000ක ප්‍රසාද දීමනාවක් ලබාදෙන ලෙස එම චක්‍රලේඛයෙන් යෝජනා කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම අදාළ ප්‍රසාද දීමනා ලබා දීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙළ ද එම චක්‍රලේඛය මගින් භාණ්ඩාගාර ලේකම්වරයා පැහැදිලි කර ඇත.

විශේෂයෙන් ප්‍රසාද දීමනා ගෙවීම සඳහා අරමුදල් මහභාණ්ඩාගාරය විසින් සැපයීමක් සිදු නොකරන බවද එමගින් මහභාණ්ඩාගාර ලේකම්වරයා දැනුම් දී ඇති අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, රජය සතු ව්‍යවසායන් හී කාර්ය මණ්ඩලයට ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් මතු වුවහොත් අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරනා බවයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.