මත්ද්‍රව්‍ය සමග හසුවු බ්‍රිතාන්‍ය තරුණියට අධිකරණයෙන් දුන් නියෝගය.!

තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණි චාලට් මේ ලී නම් 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ ගමන් මලු 02ක තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක් පසුගිය මැයි (12) වනදා කටුනායක ගුවන්තොටුපොළේදී රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණිය රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

නැවතත් අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික තරුණිය එළඹෙන ජුනි (13) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියෝග කළාය. 

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ අනාවරණය වූයේ එම තරුණිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඩේලි මෙල් ආයතනය පසුගියදා මුදාහැරි වීඩියෝ පටය තරුණියගේ දැනුවත්භාවයකින් තොරව පටිගත කරන ලද්දක් බවයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments