අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද මෙහෙයුම් තීව්ර කරන බවට සිදුකළ තර්ජනය අතරතුර න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීනයක් අරාබි මුහුද වෙත පැමිණ ඇත.
න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන මෙම සබ්මැරීනය බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් අති නවීන ප්‍රහාරක සබ්මැරීනයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කිලොමීටර් 1,600ක පමණ දුරකට ප්‍රහාර එල්ල කළ හැකි ටොමාහෝක් මිසයිල හා ටෝපිඩෝ වැනි ප්‍රහාරක අවි මෙම සබ්මැරීනය සතුව පවතියි.
මාර්තු මස (06) වෙනිදා ඔස්ට්‍රේලියාවේ පර්ත්හි සිට පිටත්ව ඇති HMS ඇන්සන් නම් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් මෙම සබ්මැරීනය හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්න, උතුරු අරාබියානු මුහුදේ ස්ථානගත කර ඇත.
