වෙඩි නොවදින ජංගම වී ගබඩා 100ක් අතුරුදහන්.!

වී මිලදී ගැනීම සදහා ඊශ්‍රායලයෙන් මිලදී ගත් ජංගම වී ගබඩා 100 අතුරුදන් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක සදහන් කරයි.

එම ජංගම වී ගබඩා වෙඩි නොවදින බවත්, ගින්නෙන් විනාශ කළ නොහැකි බවත්, කපා කොටා විනාශ කළ නොහැකි ඉතාමත් ආරක්ෂිත ගබඩා බවද හිටපු මන්ත්‍රී එස්.බී.දිසානායක සදහන් කරයි.

ජංගම ගබඩා කමත් ආසන්නයේ තැන්පත් කර වී ගබඩා කළ බවත් එකල සමෘද්ධි බැංකු මැදිහත් කර ගනිමින් වී මිලදී ගත් බවත් එක ගබඩාවක වී ටොන් 500ක් ගබඩා කළ හැකි බවද සදහන් කරයි.

වී අලෙවි මණ්ඩලය දුර්වලව පැවැති තත්ත්වයක් තුළ තමන් සමෘද්ධි සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී මැදිහත්ව මෙම ගබඩා ආනයනය කර වී මිලදී ගත් බවද එස්.බී.දිසානායක සදහන් කරයි.

එම ගබඩා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු භාරයේ තිබිය යුතු වුවත් මෑත කාලීනව ගබඩා භාවිත කරන බවක් තමන්ට දැක ගන්නට නොලැබුණ බවත් ඒවාට සිදු වූයේ කුමක්දැයි සෙවිය යුතු බවද එස්.බී.දිසානායක සදහන් කරයි.

පුවත්පතකට විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.