By unusuma.lk on
(LK time)අද (11) දින රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇත.
මෙම අනතුරින් මේ වනවිට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් ඇති අතර පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කොත්මලේ පොලීසිය සඳහන් කරයි.
රියදුරු ඇතුළු මගීන් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් ඔවුන් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයිද වාර්තා වේ.