“බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කරනවා” – ගැමුණු විජේරත්න.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ජූලි මාසයේ අනිවාර්යෙන්ම බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙන බවයි.

අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසූවේ මේ වන විටත් රුපියල් 03ක පාඩුවක් යටතේ බස් රථ ධාවනය කරන බවයි.

එහි දී වැඩිද්‍ය්‍රටත් අදහස් දැවූ සභාපතිවරයා..

” ඉතින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මොකද මේ එළඹෙන සිංහල අලුත් අවුරුද්දේ ඒ වගේම මේ ඩීසල් මිල අඩු කරයි කියලා. නමුත් වග කීමෙන් මම කියන්නේ තව මාස දෙකයි අපිට තියෙන්නේ.

විශේෂයෙන්ම ජූලි, ජුනි, අප්‍රේල් අග වෙන කොට වාර්ෂික බස් ගාස්තුව වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අඩු වීම කෙසේ වෙතත්, අනිවාර්යයෙන්ම ජුලි මාසේ බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙනවා.

ඉතින් අපි මේක අවධානම පහුගිය දැන් සති දෙහෙකට පෙර ප්‍රවාහන අමාත්‍යංශයේ අමාත්‍යවරයා එක්ක අපි සාකච්ඡා කරා. අපි මේක සෘජුවම දැනුම් දුන්නා ඔහුට. කෙසේ වෙතත් ජුලි මාසය වෙන කොට මේ බස් ගාස්තු වැඩි වීමකට අපිට යන්න සිද්ධ වෙනවා.

අපි අඩු කරනවා තමයි. ඒක ප්‍රතිපත්තිමය විදිහට අපි කියන්නේ, බලාපොරොත්තු වෙන්න ඊළඟ මාස දෙක ඇතුළත බස් ගාස්තු වැඩි වීමක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා කියලා.

මොකද ඒකට හේතුව තමයි අපි දිගින් දිගටම කිව්වා, බස් රථ වලට වැට් ආදේශ කරලා තියෙනවා, බස් රථයේ මිල වැඩිවෙලා තියෙනවා කියලා, ඉතින් ඒකත් එක්ක අනිත් සාපේක්ෂව සියලුම පිරිවැයන් වැඩිවෙලා තියෙනවා. ඉතින් ඒ නිසා, ඒ කරුණු දොළහක පදනම් කරගෙන, අපිට මේ වාර්ෂික බස් ගාස්තුවට යන්න සිද්ධ වෙනවා.

මොකද දැනටමත් අපි බස් රථ ඩීසල් රුපියල් තුනක් අඩුවෙන් පාඩුවට ධාවනය කරන්නේ. මොකද ජාතික ප්‍රතිපත්තිය අනුව ගියපාර ඩිසල් රුපියල් තිස් ගාණකින් අඩු වුණාම අපි සෘජුවම බස් ගාස්තුව සියයට හතරකින් අඩු කරා.

ඒ නිසා ඒක යම්කිසි පරස්පර විරෝධතාවයක් තියෙනවා ඒකෙත්. කෙසේ වෙතත් තව මාස දෙකක් යන කොට ජනතාවට මේකේ ප්‍රතිලාභය ඒ කියන්නේ මේ වැඩිවීමේ ප්‍රතිලාභය ජනතාවට භුක්ති විඳින්න සිද්ධ වේවී.”

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments