බස් මගීන්ගේ ආරක්ෂාවට ලැයිස්තුවක්.!

බස් රථවල ගමන් ගන්නා මගින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කරයි.

ඒ අනුව බස් රථ සදහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන ධාවන බලපත්‍ර වල අඩංගු කොන්දේසි මෙන්ම පළාත් සභා වලින් බස් රථ ධාවන බලපත්‍ර නිකුත් කිරීමේදී අඩංගු කොන්දේසි සියල්ල එක්කර ගනිමින් මෙම මගී අයිතිවාසිකම් ලැයිස්තුව පිළියෙල කිරීමට කටයුතු කරන බවද වාර්තා වේ.

මෙම කරුණු සම්බන්ධයෙන් බස් රථ සංගම් සහ මගී සංගම් සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිලීප විතාරණ සදහන් කරයි.

පෞද්ගලික බස් රථ රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ රැකියා සුරක්ෂිත භාවය ඇති කිරීම සදහා අවශ්‍ය වන කටයුතු මේ වන විට සකස් කරමින් පවතින බවද සභාපති ආචාර්ය දිලීප විතාරණ සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.