ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ගණන් වැඩිවීම බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට අනුව මේ වනවිට පවතින බස් ගාස්තුවට 10%කට වඩා වැඩි අගයකින් බලපා ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව නව බස් ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට හෙට (23) දිනයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වර්තමානයේ ක්‍රියාත්මක වන පසුගිය වසරේ ජූලි මස (04) වැනි දින ප්‍රකාශයට පත් කරන ලද බස් ගාස්තුව වන අතර එය ගණනය කිරීමේදී එම මාසයේදී ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක්ව පැවැති බවත් ඒ අනුව එම මිලට බස් ගාස්තුව ප්‍රකාශට පත් කළ බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
කෙසේ වෙතත් (21) දින සිදුවූ ඉන්ධන මිල වැඩිවීමත් සමග රුපියල් 303 සිට 382 දක්වා ඩීසල් ලීටරයක මිල ඉහළ ගොස් ඇති බවත් එය රුපියල් 79කින් වැඩිවී ඇති බවත් මෙම කාල සීමාව තුළ ලංකා සුදු ඩීසල් මිලෙහි සමස්ත වැඩිවීම රුපියල් 93ක් බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
ඒ අනුව එය බස් ගාස්තු සූත්‍රයට ගැලපූ විට 10%කට වඩා වැඩි අගයකික් බස් ගාස්තු වැඩි වීමට මෙය බලපා ඇති බවත් මේ හේතුවෙන් නව බස් ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාගැනීම සඳහා හෙට දිනයේදී පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා යොමු කර ඇති බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
