By unusuma.lk on
(LK time)අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ වගා හානි වූ බෝග 6ක් සඳහා හෙක්ටයාරයකට රු ලක්ෂය බැගින් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බවයි.
එම බෝග සඳහා වී, බඩ ඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකු ලූනු සහ සෝයා බෝංචි ආදිය ඇතුලත් වේ.
එහිදී කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසූවේ, පසුගිය අයහපත් කාලගුණය නිසාවෙන් සිදුවූ වගා හානි පිළිබඳව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍යවරයා විසින් පසුගිය දෙසැම්බර් 02 වනදා දක්වා සිදුවූ හානි පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.