Main news (English)

ලංකාවේ ඉතිහාසය රාත්‍රියටත් විවෘතයි.!

ලංකාවේ ඉතිහාසය රාත්‍රියටත් විවෘතයි.!

මෙරට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සදහා විවෘත කිරීමට රජයේ අවදානය යොමු වී ඇත.

ඒ අනුව ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය පළමුව තෝරාගෙන ඇති බව බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සදහන් කරයි.

පස්සර මාරක බස් අනතුරක්.!

පස්සර මාරක බස් අනතුරක්.!

අද (11) උදෑසන 6:30ට පමණ, කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 15 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී ඇත.

මෙම අනතුර රියදුරුට නින්දයෑම හේතුවෙන් සිදුව ඇති බවට පොලීසිය සැක පලකරනා අතර බස් රථය මාර්ගයෙන් ඉවතට පැන, එහි ඉදිරිපස කොටස ප්‍රපාතයකට ලිස්සා ගොස් නතරවී ඇත.

අනතුරෙන් තුවාල ලැබූ මගීන් 13 දෙනෙකු පස්සර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

පොලීසිය විසින් මෙම අනතුර පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.


තරුණයන්ගේ හීන මරා.. කූඨ මහල්ලන් අත් ට්‍රැක්ටර් මිලට ඩිෆෙන්ඩර් පැදලා.!

තරුණයන්ගේ හීන මරා.. කූඨ මහල්ලන් අත් ට්‍රැක්ටර් මිලට ඩිෆෙන්ඩර් පැදලා.!

ඊයේ (10) වලාන මාධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් කඩවත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු නාගරික මන්ත්‍රීවරයකුගේ පියෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද ජීප් රථයක් අන්ත්‍රැක්ටරයක ලියාපදිංචි අංකයකින් ලියාපදිංචි කර භාවිත කළ අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් ජීප් රථය මුල් ලියාපදිංචියේ සිටි වසර 20 කට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර නොමැතිව ධාවනය කර ඇති බවත් රජයට හිමිවිය යුතු බදු මුදල් කෝටි ගණනින් වංචා කර ඇති බවද අනාවරණය වී ඇත.

එමෙන්ම අත්අඩංගුවට පත් සැකකරුගේ සහෝදරයා විසින් මීට පෙර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් වාහන 404 කට අදාල කුඨ ලේඛන සන්තකයේ තබාගෙන සිටීම සම්බන්දයෙන් අත්අඩංගුවට පත් පුද්ගලයෙකු බව පැවසේ

පාර්ලිමේන්තුවේ අනංගයින් තුනක් ගෙදර යවයි.!

පාර්ලිමේන්තුවේ අනංගයින් තුනක් ගෙදර යවයි.!

පාර්ලිමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනකු සේවයෙන් පහ කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ නිර්දේශ අනුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මෙම තීරණය ගෙන ඇත.

මෙම ලිංගික අතවර සිද්ධිය පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේදී සිදුවී ඇතැයි පැවසෙන අතර එම සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන් 15 දෙනෙකුගෙන් කමිටුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

පොලීසියට වෙට්ටු දැම්මොත් දඩය 30,000යි.!

පොලීසියට වෙට්ටු දැම්මොත් දඩය 30,000යි.!

පොලිස් සංඥා නොතකමින් රියදුරු බලපත්‍රයක් නොමැතිව පොලිසියට වෙට්ටු දැමූ බාලවයස්කාර පැදිකරුට රුපියල් 30,000ක දඩ මුදලක් නියම කළ කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් එම බාලවයස්කරුට යතුරු පැදිය ලබා දෙමින් අනුබල දුන් මවට කඩිනමින් නඩු පවරන ලෙසට නියම කර ඇත.

කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිකාර බාලවයස්කරුවකුට එලෙස දඩ නියම කළ අතර එහිදී නඩුව කැඳවූ මුල් අවස්ථාවේ සැකකරුගේ වයස විමසූ මහෙස්ත්‍රාත්වරයා නඩුව පසුවට ගෙන සැකකාර බාලවයස්කාර රියැදුරා පරිවාස නිලධාරී වෙත යොමුකොට නැවත කැඳවන ලෙසටද නියම කළේය.

අනතුරුව එම බාලවයස්කාර සිසුවාගේ මවද අධිකරණය ඉදිරියට කැඳවා බලපත්‍රයක් නොමැති බාලවයස්කරුවකුට යතුරු පැදිය ලබාදීම සම්බන්ධව තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා රථවාහන නිලධාරීන් අමතා බලපත්‍ර නොමැති අයකුට රථ වාහන ලබාදීම සම්බන්ධව නඩු පවරන ලෙසට නියම කර ඇත.

පාස්කු ප්‍රහාර අල්කයිඩා හා I.S.I.S පුහුණුව ලැබූ අයෙක් රිමාන්ඩ්.!

පාස්කු ප්‍රහාර අල්කයිඩා හා I.S.I.S පුහුණුව ලැබූ අයෙක් රිමාන්ඩ්.!

මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශන වලදී පුද්ගලයන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව අත්අඩංගුවට ගත් අල්කයිඩා හා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත පුහුණුව ලැබූ සැකකාර පුද්ගලයකු නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර ඇත.

සිරියාව ඇතුළු විදෙස් රටවල් කිහිපයක ක්‍රියාත්මක අල්කයිඩා හා අයි.එස්.අයි.එස්. වැනි ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධව පුහුණුව ලබා මෙරටට පැමිණ ඇති බව කියන පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නිලාබ්දින් මොහොමඩ් රිස්වාන් නමැත්තකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකාර පුද්ගලයා අධිකරණ නියෝග මත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය හමුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි.

අන්තවාදී, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට අනුබල ලබාදීමේ චෝදනාව යටතේ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද සැකකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කළ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බවත් ඒ අනුව ඒ පුද්ගලයන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව සැකකාර පුද්ගලයා පිළිබඳව තොරතුරු හෙළි කරගෙන අත්අඩංගුවට ගත් බවද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ සදහන් කරයි.

චාමරගේ මන්ත්‍රී පට්ටම නලින්දගේ අනුකම්පාවෙන් බේරෙයි.!

චාමරගේ මන්ත්‍රී පට්ටම නලින්දගේ අනුකම්පාවෙන් බේරෙයි.!

පසුගියදා බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ සමාරම්භක උත්සවය සඳහා රුපියල් ලක්ෂ 70ක වියදමක් දරා ඇති බවයි.

එමෙන්ම තමා ඉතා වගකීමෙන් ඒ පිළිබඳ පවසන බවත්, එවැනි වියදමක් දරා නොමැති බවට ආණ්ඩුව ඔප්පු කළහොත් තමා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බවත් මන්ත්‍රීවරයා අභියෝග කළේය.

ඊට පිළිතුරු දක්වමින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ සමාරම්භක උත්සවයට ගිය වියදම් පිළිබඳව පාර්ලිමේන්තුවට පැහැදිලි කළේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, උත්සවය සඳහා රුපියල් ලක්ෂ 70ක් වියදම් වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය අසත්‍ය බවත් ඔහු එම උත්සවය සඳහා සම්ප්‍රදායික ලෙස කැඳවූ ‘quotation’ සමඟ වියදම් වාර්තාව පටලවාගෙන ඇති බවත් ය.

කෙසේවෙතත් චාමර සම්පත් මන්ත්‍රීවරයා අභියෝග කළ පරිදි සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්විය යුතු නොවන බවද නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසා සිටියේය.

නව ආණ්ඩුවේ 2025 වියදම.!

නව ආණ්ඩුවේ 2025 වියදම.!

රුපියල් බිලියන 4,616ක වියදමක් සහිත ආණඩුවේ 2025 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්‍පත අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

2025 විසර්ජන පනත් කෙටුම්පත අනුව වැඩිම මුදලක් වෙන්කර තිබෙන්නේ අර්ථික සංවර්ධන අමාත්‍යංශයට වන අතර ඒ මුදල රුපියල් බිලියන 713කි.

දෙවැනියට වැඩිම මුදලක් වෙන්කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට වන අතර එය රුපියල් බිලියන 507කි.

ආරක්ෂක අමාත්‍යංශයට රුපියල් බිලින 442ක්, ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට බිලියන 473ක්, අධ්‍යාපන අමාත්‍යංශයට බිලියන 271ක් ලෙස අමාත්‍යංශ වල වියදම් ඇස්තමේන්තු කර ඇත.

එසේම ජනාධිපති හා ජනාධිපති ලේකම් කාර්යාලයට රුපියල් බිලියන 2.99ක්, අගමැති කාර්යාලයට රුපියල් බිලියන 1.17ක්, විපක්ෂ නායක කාර්යාලයට රුපියල් මිලියන 331ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට රුපියල් බිලියන 1.3ක්, මැතිවරණ කොමිෂන් සභාවට බිලියන 21.47ක් ඇස්තමේන්තු කර ඇත.

We are happy to invite you.