Local news (Sinhala)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටෙයි.!

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටෙයි.!

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරු ඔයේදී කඩා වැටී ඇති බව ගුවන් හමුදාව පවසයි.

කෙසේවෙතත් අනතුරින් එම යානයේ සිටි නියමුවන් දෙදෙනාට අනතුරක් නොමැති බවය ගුවන් හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුව වැඩ අරඹයි.. තෙල් ගෑස් නිධි ගොඩට ගනී.!

ආණ්ඩුව වැඩ අරඹයි.. තෙල් ගෑස් නිධි ගොඩට ගනී.!

පසුගිය 2011 වසරේදි කෙයාර්න් ලංකා පෞද්ගලික සමාගම විසින් මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු නිධි 02ක් පවතින බවට ගවේෂණ හා කැණීම් සිදුකර ඇති අතර ඒ අනුව ඛනිජ තෙල් හා ස්වභාවික වායු නිධි ගොඩගැනීමේ කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

එම සමාගම මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු නිධි 02ක් පවතින බවට ගවේෂණ හා කැණීම් සිදුකර ඇති අතර එහිදී එම ස්ථානයේ ශක්‍ය හයිඩ්‍රෝකාබන් පද්ධතියක් පවතින බව සනාථ වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් 04ක ඛනිජ තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සහ ඒවා ගොඩගැනීම සඳහා ආයෝජන කැඳවීමට යෝජනා ඉදිරිපත්ව ඇති බවත් ඒ සඳහා බලපත්‍ර වටයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ විධිවිධාන අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලද සහ රෙගුලාසි මඟින් නියම කර ඇති කාර්ය පටිපාටියට අනුකූලව අක් වෙරළ ඛනිජ තෙල් හා ස්වභාවික වායු ගවේෂණ බිම් කොටස් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට ශ්‍රී ලංකා ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය වෙත බලය පැවරී ඇත.

“සෑම ලේ බිදක් වෙනුවෙන්ම වගකියනවා” පාකිස්තානය අනතුරු අඟවයි.!

“සෑම ලේ බිදක් වෙනුවෙන්ම වගකියනවා” පාකිස්තානය අනතුරු අඟවයි.!

පාකිස්තානයට ප්‍රහාර එල්ල කරමින් ඉන්දියාව බරපතල වැරැද්දක් කළ බවත් එම ප්‍රහාරයට ඉන්දියාව දැන් වන්දි ගෙවිය යුතු බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙඛාස් ෂරීෆ් සඳහන් කරයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙඛාස් ෂරීෆ් සඳහන් කළේ,

“ඉන්දියාව බරපතල වැරැද්දක් කළා. දැන් ඔවුන් ඊට වන්දි ගෙවිය යුතුයි. ඉන්දියාව කළ මෙම කපටි ප්‍රහාරවලින් අපේ දරුවන් සහ කාන්තාවන් පවා මියගියා. අපේ විරුවන්ගේ සෑම ලේ බිදක්ම වෙනුවෙන්ම වගකියනවා කියලා අපි පොරොන්දු වෙනවා.

පෙහෙල්ගාම් සිදුවීම පාවිච්චි කරලා පාකිස්ථානයට ප්‍රහාර එල්ල කිරීම සම්පුර්ණයෙන්ම අසාධාරණයි. අපේ රටේ ගෞරවය හා ආරක්ෂාව වෙනුවෙන් අපේ ජනතාවත්, ආරක්ෂක අංශත් එකමුතුව කටයුතු කරනවා.”

ඉන්දියාව එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමේ සම්පුර්ණ බලය පාකිස්තාන හමුදාවට පවරා ඇති බවද පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙඛාස් ෂරීෆ් තවදුරටත් සඳහන් කරයි.

එජාප – සජබ අලුත්ම දීගෙක.!

එජාප – සජබ අලුත්ම දීගෙක.!

රටේ වත්මන් ආණ්ඩුව පරාජය කිරීම සඳහා සමගි ජන බලවේගය සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සඳහන් කරයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී බලාපොරොත්තු වූ ආසන සංඛ්‍යාවක් නොලැබුණත් යම් කිසි මන්ත්‍රී කණ්ඩායමක් නිර්මාණය කරගැනීමට හැකි වූ බවද රුවන් විජයවර්ධන සඳහන් කරයි.

ඉදිරියේදී පක්ෂයේ සියලුම දෙනාම එකට එකතු වී ඉදිරි මහ මැතිවරණයේදී හොද ප්‍රතිඵලයක් ලබාගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන බවද රුවන් විජයවර්ධන සඳහන් කරයි.

නව පාප් වහන්සේ රොබට් ෆ්‍රැන්සිස් හිමිපාණන්.!

නව පාප් වහන්සේ රොබට් ෆ්‍රැන්සිස් හිමිපාණන්.!

වතිකානායේ සිස්ටන් දේවස්ථාන කවුළුවෙන් මීට සුළු මොහොතකට පෙර සුදු දුමාරයක් නිකුත් කරමින් නව පාප් වහන්සේ තෝරා පත් කරගත් බව දැනුම් දුන්නේය.

ඒ අනුව 267 වැනි පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ෆ්‍රැන්සිස් හිමිපාණන් වතිකානයේ වේලාවෙන් අද (08) පස්වරුවේ තේරී පත්විය.

ඒ අනුව උන්වහන්සේ 14 ලියෝ පාප් වහන්සේ ලෙසින් නම් කර ඇති බව වාර්තා වන අතර උන්වහන්සේ 69 වන වියේ පසුවෙයි.

නව පාප් වහන්සේ තෝරා පත් කරගනී.!

නව පාප් වහන්සේ තෝරා පත් කරගනී.!

නව පාප් වහන්සේ තෝරා පත් කරගත් බව අඟවමින් වතිකානායේ සිස්ටයින් දේවස්ථාන කවුළුවෙන් මීට සුළු මොහොතකට පෙර සුදු දුමාරයක් නිකුත් කළේය.

ඒ නව පාප් වහන්සේ තෝරා පත් කරගැනිම සඳහා පැවැත්වු ඡන්ද විමසීම දෙක අවසානයේදී වන අතර ඡන්ද විමසීමේ ක්‍රියාවලිය අවසන් වී ඇති බව එම දුමාරයෙන් සංකේතවත් වේ.

කෙසේ නමුත් නව පාප් වහන්සේ කවරෙක්ද යන්න තවමත් අනාවරණ වී නොමැති අතර, උන් වහන්සේ තවත් නුදුරු මොහොතකින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සදලුතලය වෙත පැමිණ බැතිමතුන් හමුවේ පෙනී සිටිනු ඇත.

කොට්ටාවේ වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට.!

කොට්ටාවේ වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට.!

අද (08) දින රාත්‍රියේ කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වෙඩි තැබීමක් සිදුකර ඇත.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

කොට්ටාවේ වෙඩිතැබීමක්.!

කොට්ටාවේ වෙඩිතැබීමක්.!

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වෙඩි තැබීමක් සිදුකර තිබේ.

පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කර ඇති බවය.

සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. 

මාලිමාවේ පසුබෑමට කරුණු 5යි.. ලබන වසරේ නැවතත් 3%යි.!

මාලිමාවේ පසුබෑමට කරුණු 5යි.. ලබන වසරේ නැවතත් 3%යි.!

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක් බවත් මාලිමාවේ ඡන්ද පදනම තව අවුරුද්දකින් පරණ පුරුදු 3% දක්වා පහත වැටෙන බවත් පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කළේය.

මාලිමාවේ පසුබෑමට හේතු වූ කරුණු පහක් පිළිබඳවද එහිදී හිටපු මන්ත්‍රීවරයා සවිස්තරාත්මක විග්‍රහයක් කළ අතර එම කරුණු 5 පහත පරිදිය.

(1) ජනතාවගේ අභිමානයට කැලලක් වන අයුරින් බොරු කීම

(2) පාතාලය හිස එසවීමෙන් ඇති වුණු අනාරක්ෂිත බව

(3) ඉන්දියානු ගිවිසුම් පිළිබඳ ඇති වුණු සැකය

(4) දළදා වහන්සේ දේශපාලනිකරණය

(5) ආදරය දිගුකාලිනයි. කේන්තිය කෙටිකාලිනයි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල.

“කළු ගලේ ඔළුව ගහ ගන්න එපා ඔළුව චප්ප වේවි කියා හැමෝම අපිට අවවාද කරන විට අපි හිතුවක්කාර විධියට අවදානම නොතකා මාස අටක් නොකඩවා කළු ගලේ ඔළුව ගැහුව්වා. මෙන්න ඔළුව චප්ප වෙනවා වෙනුවට කළු ගල පුපුරා හැලෙන්න දැන් පටන් අරන් තියෙනවා. මේ පුංචි ඡන්දය ප්‍රතිඵලය පැහැදිලි කළ හැකි සරලම විධිය එයයි.

ආණ්ඩුව වැඩ වරද්දා ගත්තේ තමන් කළ පළමු පත්වීම වුණු ජනාධිපති ලේකම් පත්වීමෙන්. ඒත් එක්කම කළ තුන්වන පත්වීම වුණු මහජන ආරක්ෂක ලේකම් පත්වීමෙන්. ආණ්ඩුව පත් වෙලා සතියක් ගත වෙන්න කලින් අපි මේ පත්වීම් විවේචනය කලා. සමහරු අපට කිව්වේ ආණ්ඩුව කුණු වෙන තුරු ටික කලක් නිහඬව ඉන්න කියලා. නමුත් අපි තීරණය කලේ ආණ්ඩුවත් සමග රටත් කුණු වෙන්න දෙන්න බෑ. අපි ආණ්ඩුව වැරැද්දක් කළ වහාම ඒක පෙන්වා දෙනවා. ආණ්ඩුව නිහතමානි නම් වැරදි නිවැරදි කරගෙන ඉස්සරහට යාවි. ආණ්ඩුව උද්ධච්ඡ නම් වැරැද්ද රැක ගෙන තමන් විනාශ වේවි. ඒක ආණ්ඩුවේ තීරණයක්. විපක්ෂයේ වගකීම තමයි වැරදි පෙන්වා දෙන එක. අපි ඒක ඉටු කලා

පසුගිය දෙසැම්බර් මාසයේ සිට අපි අඛණ්ඩව කියූ දෙයක් තමයි පුංචි ඡන්දයේ දී පළාත්පාලන ආයතන විශාල ගණනාවක බහුතර බලය කාටවත් ලැබෙන්නේ නෑ. ඒ ප්‍රතිඵලය විසින් විපක්ෂයට සමගි වෙන්න බල කරනවා කියලා. අද ඒ අනාවැකිය සැබෑ වෙලා පලාත්පාලන ආයතන 339න් 170ක කාටවත්ම බහුතරය ලැබිලා නෑ. ඒ වගේම අපි කිව්වා මාලිමාවේ ඡන්ද ප්‍රතිශතය බරපතල ලෙස පහත වැටෙනවා. බොහෝ දුරට ජනපතිවරණයේ මට්ටමට ඒවි කියලා. ඒ අනාවැකියත් සැබෑ වෙලා. ජනපතිවරණයේ දී 42%ක් ගත්තු මාලිමාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී 63%ක් දක්වා ඉහළ ගොස් මේ මැතිවරණයේ දී 43% ක් දක්වා පල්ලම් බැහැලා තිබෙනවා.

අපේ තුන්වන අනාවැකිය තමයි මාලිමාව ගැන ජනතාව කලකිරුණත් වෙනත් කිසිම පක්ෂයකට ජන ආකර්ෂණය ලැබිලාත් නෑ. ඒ නිසා මාලිමාව අත් හැරපු ජනතාව බහුතරයක් ගෙදර නතර වෙනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම බරපතල ලෙස පහත වැටෙනවා. ඒ අනාවැකියත් සැබෑ වුණා.

මාලිමාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලක්ෂ 68.65ක් නැති නම් ලක්ෂ 69ක් ලබා ගත්තා. දැන් ඒක පුංචි ඡන්දයේ දී ලක්ෂ 45 දක්වා ඇදගෙන වැටිලා තිබෙනවා. ඒ කියන්නේ මාස හයක් ගත වෙන්නත් කලින් ඡන්ද පදනම ලක්ෂ 24කින් අඩු වෙනවා. මාලිමාවේ මේ පසුබෑම ලෝක ඉතිහාසයේ වාර්තා වන දැවැන්තම දේශපාලන පසුබෑමයි. මීට කලින් කිසිම රටක කිසිම කලක මාස හයක් ඇතුලත තම ඡන්ද පදනම 1/3කින් නැතිනම් 34%කින් කඩා වැටීමක් වාර්තා වෙන්නේ නෑ. අපි වැරදි නම් මාලිමා නායකයින් “නෑ. අහවල් රටේ අහවල් පක්ෂයේ ඡන්ද පදනම මාස හයක් ඇතුලත මීටත් වඩා කඩා වැටුණා” කියලා අපට කියන්න. අපි නිවැරදි වෙන්නම්.

මාස හයකට ඡන්ද ලක්ෂ 24ක් අඩු වෙනවා කියන්නේ තව මාස හයකින් ඡන්ද පදනම ලක්ෂ 21 වෙනවා කියන එකයි. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3% දක්වා පහත වැටෙනවා කියන එකයි. ඒ නිසා මේ ආණ්ඩුව නිසි දේශපාලන අවබෝධයෙන් කටයුතු කරනවා නම් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. එවිට අඩුම ගණනේ පලාත් සභා දෙක තුනක්වත් දිනා ගන්න හැකි වේවි. එහෙම නැති වුනෝත් මාලිමාවට ඉතිහාස‍යේ කාවදාවත් පළාත් සභාවක බලය ලබා ගන්න නම් අවස්ථාවක් උදා වෙන්නේ නෑ.”

ජනපති අනුරට ඡන්දෙ දාන්න එන්න ප්‍රයිවට් ජෙට් එකක් ලෑස්ති කරලා.!

ජනපති අනුරට ඡන්දෙ දාන්න එන්න ප්‍රයිවට් ජෙට් එකක් ලෑස්ති කරලා.!

අද (8) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායක බිමල් රත්නායක මහතා පවසා සිටියේ ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් වියට්නාමය වෙත ආරාධනා ලද ජනපති අනුර කුමාර දිසානායක මහතාට මැයි මස 6 වනදා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නැවත මෙරටට පැමිණීමට පුද්ගලික ජෙට් යානයක් ලබාදුන්නේ වියට්නාම් රජය විසින් බවයි.

එම සාකච්ඡාවල මුල් අදියරේදී වියට්නාම තානාපතිවරිය සමඟ සාකච්ඡා කළේ තමා බවත් එහිදී ජනපතිවරයාට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණිය යුතු බවට තමා කළ දැනුම්දීම අනුව එම පහසුකම් සැලසීමට එරට රජය එකඟවූ බවත් සභානායකවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම වියට්නාමයෙන් ජනපති අනුර දිසානායක මහතා වෙත ලැබුනු රාජතාන්ත්‍රික පිළිගැනීම සම්බන්ධයෙන්ද කරුණු දැක්වූ බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියාසිටියේ වියට්නාම ජනපතිවරයා එම දින කිහිපය පුරාවටම ජනපති අනුර දිසානායක සමඟ රැඳී සිටිමින් ඉතා මිත්‍රශීලීව කටයුතු කළ බවයි.