Local news (Sinhala)

රනිල්ගේ හිතවතා අනුර සමඟ වැඩ අරඹයි.!

රනිල්ගේ හිතවතා අනුර සමඟ වැඩ අරඹයි.!

සිංගප්පූරුවේ පැවැති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ ද්විපාර්ශ්වික හමුවකට එක් වෙමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් මේ වන විට සම්පූර්ණ කර ඇති බවයි.

ඒ අනුව ස්ටාර්ලින්ක් වෙතින් ලබා දීමට නියමිත තොරතුරු පුවරුව (Dashboard) ලැබුණු පසු මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට හැකිවනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ අනුව ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමග ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්ථනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම, පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධවද අවධානය යොමුව ඇත.

එහිදී මෙම අවස්ථාවට එක් වෙමින් ස්ටෙෆාන් ලැන්ග් මහතා පවසා ඇත්තේ මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදි ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවය.

ශ්‍රී ලංකන් ඇණියට පුළුල් බඳ මොනරියක් එක් වෙයි.!

ශ්‍රී ලංකන් ඇණියට පුළුල් බඳ මොනරියක් එක් වෙයි.!

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතුවීමට නියමිත නවතම සාමාජිකයා වන එයාර්බස් A330-200 (Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය ලබන 4වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

එදින පැරිස් සිට පැමිණෙන මෙම ගුවන් යානය, මෙරට ගුවන් යානා නිරීක්ෂකයින්ට විශේෂ අවස්ථාවක් ලබාදෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

ඒ අනුව, උදෑසන 8:00 සිට 9:00 දක්වා, අඩි 1,000ක පමණ උසකින්, මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේ හි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කිරීමට නියමිත බව පැවසේ.

අත්අඩංගුවට ගත් හිටපු සභාපතිත් ඇතුලට.!

අත්අඩංගුවට ගත් හිටපු සභාපතිත් ඇතුලට.!

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද තලවකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය. 

මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම සැකකරු ලබන (11) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළාය.

රජයට ලක්ෂ 23ක් පාඩු කළ හිටපු සභාපති අත්අඩංගුවට.!

රජයට ලක්ෂ 23ක් පාඩු කළ හිටපු සභාපති අත්අඩංගුවට.!

රජයට රුපියල් විසිතුන් ලක්ෂ අසූදහසක පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල අත්අඩංගුවට ගෙන ඇත.

තලවාකැලේ – ලිඳුල නගර සභාවට අයත් අංක 12 ගව මස්කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේදි සිදුව රජයට සිදුව ඇතැයි කියන පාඩුව සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ලංසු පිරිනැමීමේදී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක් වෙත අදාළ ලංසුව පිරිනැමීමෙන් රජයට රුපියල් විසිතුන් ලක්ෂ අසූදහසක පාඩුවක් සිදුකර ඇත.

බන්ධනාගාර සිරකරුවන් සතුව තිබී මාංචු කුට්ටම් 7ක් සහ යතුරු 28ක් හමුවෙයි.!

බන්ධනාගාර සිරකරුවන් සතුව තිබී මාංචු කුට්ටම් 7ක් සහ යතුරු 28ක් හමුවෙයි.!

පසුගියදා මාතර බන්ධනාගාරයේ සිදුවන අලුත්වැඩියා කටයුතු අතරතුර එහි රඳවා සිටි සිරකරුවන් අඟුනකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමේදී එම බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් සන්තකයේ තිබී මාංචු කුට්ටම් 7ක් සහ මාංචු කුට්ටම් සඳහා භාවිත කරනා යතුරු 28ක් සොයාගෙන තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සිදුකළ කතාවේදී ජනපතිවරයා මේ බව අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ මතුපිටින් පෙනෙනා සුදු පද්ධතියන්ට යටින් කළු පද්ධතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සත්‍යක් බවයි.

කෙසේවෙතත් අතලොස්සක් විසින් මෙහෙයවනු ලබන එම කළු යාන්ත්‍රනය විනාශ කර දැමීමට නියත වශයෙන්ම කටයුතු කරනා බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සමගියේ වෙස් මුහුණ ගලවයි.!

සමගියේ වෙස් මුහුණ ගලවයි.!

සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා පිළිබඳ මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් කිරීමට එම පක්ෂය කටයුතු කර නොමැත.

එවන් පසුභිමක එම පක්ෂයේ පා.ම නලීන් බණ්ඩාර මහතා ඊයේ මාධ්‍ය වෙත පවසා තිබුනේ කොට්ඨාසයද පරාද වුණු නගරාධිපති අපේක්ෂකයෙකු නගරාධිපති ධුරයට සුදුසු නොවන බවයි.

ඒ අනුව මෙතෙක් එම පක්ෂයේ කොළඹ නගරධිපති අපේක්ෂක ලෙස බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි වෛද්‍ය රුවයිස් හනිෆා මහතාට එම අවස්ථාව නොලැබෙනු ඇති බව පැහැදිලි විය.

කෙසේවෙතත් එම පක්ෂයේ ආරංචි මාර්ග පවසන්නේ රීසා සරූක් මහතා ඒ සඳහා යෝජනා වී ඇති බවයි.

ඒ අනුව සමගි ජන බලවේගය විසින් හෙට (03) දිනයේ දී රීසා සරූක්ගේ නම ප්‍රසිද්ධ කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

වසර ගණනාවක කොළඹ මහ නගර සභාවේ අත්දැකීම් ඇති මන්ත්‍රීවරයෙක් වන ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කොට්ඨාසය ද ජයග්‍රහණය කර තිබේ..

පරාජිතයෙකුට අවස්ථාවක් නෑ.. රුවයිස් හනිෆා සජබෙන් විසිවෙයි.?

පරාජිතයෙකුට අවස්ථාවක් නෑ.. රුවයිස් හනිෆා සජබෙන් විසිවෙයි.?

ඊයේ (1) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසූවේ තම පක්ෂයට සහය පල කරන පක්ෂ සහ කණ්ඩායම් එක්ව ඉදිරි දින කිහිපය තුළ කොළඹ මහා නගර සභාවේ නගරාධිපති ධූරයට පුද්ගලයකු නම් කරන බවයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කළේ ඔවුන්ට සහය දෙන මන්ත්‍රීවරු එකතු කර පොදු එකඟතාවයකින් සුදුසු පුද්ගලයෙකු නම් කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නලින් බණ්ඩාර ප්‍රකාශ කර සිටියේ කොට්ඨාසයද පරාද වුණු නගරාධිපති අපේක්ෂකයෙකු නගරාධිපති ධුරයට සුදුසු නොවන බවයි.

සමගි ජන බලවේගයේ නගරධිපති අපේක්ෂක සමගි ජන බලවේගයේ (SJB) කොළඹ නගරාධිපති ධූර අපේක්ෂක වෛද්‍ය රුවයිස් හනිෆා මැතිවරණයට ඉදිරිපත්වූ බොරැල්ල දකුණ කොට්ඨාසය ද පරාජය විය.

මහජනයාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික වනවා.!

මහජනයාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික වනවා.!

බදු ගෙවන රටේ සියලු දෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික වන බවත් මහජනතාවගේ මුදල් නාස්තිය අවම කරන බවට ලබාදෙන පළමු ආදර්ශය එය බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රටේ මහජනයාගේ සෑම රුපියලක් ආරක්ෂා කරගැනීම උදෙසා ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය පවා කප්පාදු කළ හැකි සෑම අවස්ථාවකම තමා කප්පාදු කර ඇතැයිද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රටේ පුරවැසියාට කාර්යක්ෂතාවයෙන් යුතු රාජ්‍ය සේවයක් ලබාදීමට ඩිජිටල්කරණය හඳුන්වාදෙන බවත් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති කළු යාන්ත්‍රණය බිඳ දමා සියලුදෙනා නීතියට අවනත වෙන ක්‍රියාවලියක් සකස් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“බදු මුදල් ගැන ප්‍රශ්නය හුදු බදු ගෙවීම සහ බදු ලබාගැනීම ප්‍රශ්නයක් පමණක් නොව. එතැනින් එහාට ගිය ජාලගත ප්‍රශ්නයක් මෙතෙන තියෙනවා. අපිට රේගුවට, සුරාබදු එකට චෝදනා කළ හැකි වුවත් ඵලක් නෑ. මෙය එකට ගොඩගැහුණු එකිනෙකට අන්තර් සබඳතා ඇති ජාලයක්.

එය බිඳිය යුතු නැද්ද.? රාජ්‍ය යාන්ත්‍රණය මීට සුදානම් විය යුතුයි. එසේ නොමැති නම් කල්තියා යන්න පුළුවන්. මම අවංකව කියන්නේ. මෙම යාන්ත්‍රණය බිඳින්නේ නැත්නම් රට අඟලක්වත් මෙතැනින් එහාට යන්නේ නෑ.

අර්බුදයේ ගැඹුරටම යන්න පුළුවන්. ඒ නිසා අපි මේ කළු යාන්ත්‍රණය බිඳිනවා. ව්‍යාපාරිකයෝ සාධාරණ ලෙස ව්‍යාපාර කරලා, ඔවුන් සාධාරණ බද්දක් ගෙවනවා නම් එය ආරක්ෂා කරගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීමක්.

එනිසා බදු මුදල් ගෙවන හැමෝටම මම ආරාධනා කරනවා. “ඔබ ගෙවන්න. අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා.” රුපියලක් නාස්ති කරනවා හෝ වංචා කරනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම අපි මැදිහත් වෙන බව මම සහතික වෙන්නම්.”

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන “ජාතික බදු සතිය” සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

මහින්දානන්දට සහ නලින්ට මාසෙකට එකයි.!

මහින්දානන්දට සහ නලින්ට මාසෙකට එකයි.!

වසර 20 සහ වසර 25 බැගින් බරපතළ ‌වැඩ සහිත සිර දඬුවම් විඳින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු බැලීමට පවුලේ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට අවසර ලැබෙන්නේ මාසයකට සැරයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බරපතළ ‌වැඩ සහිත සිර දඬුවම් විඳින සියලු සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නීතිය එය බවත් සාමාන්‍යයෙන් එක වරකට තිදෙනෙකුට එම අවස්ථාව ලැබෙන බවද බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක සඳහන් කරයි.

පාන්දුරේ වෙඩි තැබීමක් නූලෙන් ගැස්සෙයි.!

පාන්දුරේ වෙඩි තැබීමක් නූලෙන් ගැස්සෙයි.!

පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේ අද (02) උදෑසන 8ට පමණ වෙඩිතැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇතැයි පොලීසිය පැවසීය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර ඇතත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩිතැබීමේ උත්සාහය ව්‍යාර්ථ වී තිබේ.

පානදුර ප්‍රදේශයේ ක්‍රියාත්මක මක්කුඩු ජාවාරමක දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පානදුර දකුණ මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.