Out of the box (Sinhala)

රේගුවෙන් පැන්නූ කන්ටේනරයක LTTE ආයුධ තොගයක්.?

රේගුවෙන් පැන්නූ කන්ටේනරයක LTTE ආයුධ තොගයක්.?

-උණුසුම කතුවැකිය-

වත්මන් ආණ්ඩුවේ මැදිහත්වීමෙන් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති බවට විපක්ෂ කණ්ඩායම් සහ ඇතැම් සමාජ ක්‍රියාකාරීන් විසින් චෝදනා කරනා කන්ටේනර් 323 පිළිබඳව අද උණුසුම කතුවැකිය හරහා අප කතාකිරීමට බලාපොරොත්තු වෙමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුලු පිරිස් මේ සම්බන්ධයෙන් සමාජය තුළ මහත් කතා බහක් ඇතිකිරීමට සමත් වූ බව රටම දන්නා කතාවකි.

නමුත් ඔවුන් මේ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බැවින් අදාල සිදුවීම පිළිබඳ විමර්ශනයක් ඉල්ලා පසුගිය දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතිඥ නලින් සම්පත් කුමාර මහතා කටයුතු කළේය.

එම කන්ටේනර් නිදහස් වීමෙන් පසු රටේ අපරාධ වැඩි වී ඇති බවට දයාසිරි ඇතුළු පිරිස් පවසන්නේ ඔවුන් කුමන හෝ කරුණු ඒ පිළිබඳ දන්නා විය හැකි බැවින් සහ ඔවුන් කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අදාළ ආයතන වෙත පැමිණිල්ලක් හෝ කර නොමැති බැවින් ඔවුන් පවසන දේ සත්‍යද කියා තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව පවතින බවයි උක්ත පැමිණිල්ල ඉදිරිපත් කළ බව නීතිඥ නලින් සම්පත් කුමාර මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම බහාලුම් තොගය හරහා ඔවුන් පවසන ආකාරයේ යම්කිසි දූෂණයක් හෝ අපරාධයක් සිදුව ඇතිනම් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ පිරිස් වෙත තරාතිරම නොබලා දඬුවම් පැමිණවිය යුතු බව අපගේ මතයයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පැවසූවේ LTTE ට අයත් ආයුධ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව ඩයස්පෝරාවෙන් තමන්ට දැනුම් දුන් බවයි.

කෙසේවෙතත් මේ පිළිබඳ අපට ඇත්තේ වෙනත් තර්කයක් ඇත.

මන්ත්‍රී අර්චුනා විසින් පාර්ලිමේන්තුව සිදුකරනා ප්‍රකාශයන් ගැන අපට වාදයක් නැත, පාර්ලිමේන්තුව තුළ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් රටේ ජනතාවටද යම් අවබෝධයක් ඇත.

කෙසේවෙතත් අර්චුනාගේ ආයුධ කන්ටේනර් ප්‍රකාශය කරේ තබාගෙන යන දකුණේ දේශපාලකයින් පිළිබඳ අපට ඇත්තේ මහත් ජුගුබ්සාජනක හැඟීමකි. මන්දයත්, ඩයස්පෝරාවේ මූලිකත්වයෙන් මෙරටට ආයුධ කන්ටේනරයක් එවීමට කටයුතු කර ඇත්නම්, ඒ යම්කිසි අපරාධ ක්‍රියාවක් සඳහා යෙදවීමට මිස කෞතුක වස්තු ලෙස ප්‍රදර්ශනය කිරීමට නොවිය යුතුය.

එවැනි අරමුණකින් මහා අවදානම් සහගත ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස මෙරටට එවා, මෙරට රේගුවෙන්ද නිදහස් කරගත් ආයුධ කන්ටේනරය පිළිබඳව එම ආයුධ තොගය මෙරටට එවූ පිරිස් විසින්ම හෙළි කරනු ලබයි.

එලෙස හෙළිකිරීමෙන් ඔවුන් මෙරටට ගෙන්වාගත් ආයුධ තොගය ඔවුන්ගේ අරමුණු සඳහා යොදාගත හැකිද.? එසේ ආයුධ තොගයක් ගෙන ආවේනම් සැබැවින්ම එය ඔවුන් විසින් හෙළි කරයිද.?

දේශපාලිනික වශයෙන් ආණ්ඩුවට එරෙහි විය හැකි ඕනෑ තරම් සාධාරන කරුනු තිබියදී මෙම විපක්ෂ මන්ත්‍රීවරු සිදුකරන්නේ සැබෑ විපක්ෂයේ කාර්‍යභාරයද.?

අඩුමතරමේ අර්චුනාගේ කරේ හෝ එල්ලී සමාජය නොමඟ යැවීමට උත්සාහ කිරීම දකුණේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කාර්‍යභාරයද.?

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කඩිනමින් අවසන් කර ඒ හරහා දූෂණයක් හෝ අපරාධයක් සිදුකර ඇතිනම් අදාල පිරිස් වෙත දඬුවම් පැමිණවිය යුතුය, එසේ නොවේනම් ජනතාවගේ බදු මුදලින් පාර්ලිමේන්තුවට ගොස් දහසකුත් එකක් ජනතාවගේ ප්‍රශ්න කතා කිරීම වෙනුවට හුදු බලය වෙනුවෙන් ඕනෑම තත්වයක් තම වාසියට හරවා ගන්නා දේශපාලකයින් ආපසු හරවා ගෙදර එවිය යුතු බව අපගේ මතයයි.

මහින්දානන්දට එරෙහිව තවත් අපරාධ නඩුවක්.!

මහින්දානන්දට එරෙහිව තවත් අපරාධ නඩුවක්.!

දැනට බන්ධනාගාරගතව සිටිනා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතාට අදාළ කැරම් බෝඩ් සිද්ධිය හා සම්බන්ධව තවත් අපරාධ නඩුවකට අධිචෝදනා ​ගොනුකර ඇතැයි නීති අංශ ආරංචි මාර්ග පවසයි.

හිටපු අමාත්‍යවරයාට එරෙහිව මින් පෙර තීන්දුව ලබා දුන් කැරම් බෝඩ් නඩුව දූෂණය නමැති වරදට අදාළව පැවරුණු එකක් නමුත් මෙම දෙවැනි නඩුව පැවරෙන්නේ අපරාධමය වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් බව පැවසෙයි.

ඊට මෙම ගණුදෙනු සම්බන්ධව කුමන්ත්‍රණය කිරීමයන චෝදනාව ඇතුළත් බවය වාර්තා වේ. එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවරා ඇති බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි විත්තිකරුවන් වශයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ සහ එවකට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාව සිටි හිටපු මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චිට එරෙහිව චෝදනා එල්ල වනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

-Deshaya-

තෝරු මෝරු 11ක් පෝළිමේ.!

තෝරු මෝරු 11ක් පෝළිමේ.!

මේ වනවිට අධි චෝදනා ගොනුකර ඇති අල්ලස් හෝ දූෂණ සිද්ධි සහ රජයේ මුදල් අවභාවිත කිරීමේ මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ නීතිපතිවරයා විසින් හිටපු මැති ඇමැතිවරුන්ට එරෙහිව ගොනු කර ඇති නඩු කිහිපයක් මහාධිකරණ හමුවේ විභාග වෙමින් පවතී.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක

2016 වසරේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂවරයකු ලෙස ක්‍රියා කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ “මොනාර්ක් නිවාස සංකීර්ණයේ”‍ පිහිටි නිවසක පදිංචිව සිටීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා කර හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

අල්ලස් පනත යටතේ “දූෂණය”‍ නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත. මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.
මේ අතර 2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98 ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් වංක ලෙස ව්‍යාපාර කිරීමට හෝ ඊට එකඟ වීම ඇතුළු චෝදනා මත පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කර තිබූ නඩුවක විත්තිකරුවකු ලෙස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් (ජූනි 4) ඉවත දමනු ලැබීය.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ විශේෂ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් එස්. තුරෙයි රාජා සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන, එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා

සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා යමින් රුපියල් කෝටි ගණනක දේපළ, රථවාහන මිලදී ගැනීම සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
2010 වසරේ මාර්තු 31 වැනිදා සහ 2012 වසරේ මාර්තු 31 වැනිදා අතර කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් ලක්ෂ 800 කට අධික දේපළ හා මුදල් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුව ලබන 06 වැනිදා අධි චෝදනා බාරදීම සඳහා කැඳවීමට නියමිතයි.

ප්‍රසන්න රණවීර

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන එහි කඩකාමර ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සිදුකළ බව කියන මෙම නීති විරෝධී ක්‍රියාවට ආධාර අනුබල දුන්නේ යැයි ප්‍රසන්න රණවීරට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන

අත්තනගල්ල, කරස්නාගොඩ ප්‍රදේශයේ චීන සමාගමක් මගින් ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35 ක සුබසාධන කටයුතු වෙනුවෙන් එම සමාගම විසින් ලබාදුන් රුපියල් කෝටි 12 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. මෙම නඩු විභාගය ආරම්භ වී ඇති අතර, වැඩිදුර නඩු විභාගය අගෝස්තු 07 වැනිදා දක්වා කල් තබා ඇත.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ සමයේ රුපියල් මිලියන 75 කට අධික වත්කම් අයථා ලෙස උපයාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පසුගිය යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනු කළ නඩුවක් මේ වන විටත් කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

නාමල් රාජපක්ෂ

රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යැයි සඳහන් කරමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ. එම නඩුවට අදාළ අධි චෝදනා පත්‍ර විත්තිකාර නාමල් රාජපක්ෂට බාර දී තිබේ. මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූනි මස 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයන් පිරිසක් එහි නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා කර හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට විරුද්ධව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පහක් ගොනු කර තිබේ. එම නඩුවලට අදාළ විභාගය මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වී ඇති අතර ඉන් එක් නඩුවක් (ජූනි 04) දින විභාගයට ගනු ලැබීය. එම නඩුව ජූලි 07 යළි කැඳවීමට නියමිතයි.

හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර

පසුගිය යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නමැත්තකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය”‍ නමැති වරද සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

එහිදී විත්තිකාර හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ චෝදනා 11 ක් එල්ල කර ඇත. එම නඩුව ලබන 06 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න

2014 වසරේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

එම නඩුව මේ වන විටත් කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන අතර, අගෝස්තු මස 28 වැනිදා එය යළි කැඳවීමට නියමිතයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක

දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සංවර්ධනය කර විකිණීම සඳහා තිබූ ඉඩම් කොටස්වලට නීති විරෝධී ලෙස පිඹුරුපත් සකස් කර රජයට රුපියල් තුන්ලක්ෂ හැත්තෑ තුන්දහස් අටසිය හැටක මුදලක් පාඩු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම නඩුවට අදාළව ඔහු මේ වන විට ඇප මත මුදාහැර සිටියි.

කෙහෙළිය සහ රමිත් රඹුක්වැල්ල

කෙහෙළිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයන් 15 දෙනකු නාමිකව ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ අසූවකට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට ඉදිරිපත් වූ පැමිණිලි තුනකට අදාළව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.

එම චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල සහ අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් (ජූනි 03) නියම කරනු ලැබීය.

News Source – BBC

2017 වසරේ ගැසූ කනේ පහරක් ගැන පූජිත අධිකරනය ඉදිරියේ කම්පා වෙයි.!

2017 වසරේ ගැසූ කනේ පහරක් ගැන පූජිත අධිකරනය ඉදිරියේ කම්පා වෙයි.!

2017 අප්‍රේල් 11 වනදා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පිහිටි ගොඩ­නැ­ඟි­ල්ලෙහි විදුලි සෝපා­නයේ ක්‍රියා­ක­රුට පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් වූ නඩු විභා­ගයේ දී හිටපු පොලි­ස්පති පූජිත් ජය­සු­න්දර මහතා ඊයේ (05) කොටුව මහේ­ස්ත්‍රාත් නිලු­පුලී ලංකා­පුර මෙණෙ­විය හමුවේ විත්ති කූඩුවේ සිට ප්‍රකා­ශ­යක් කර­මින් පැව­සු­වේ ජාතික ගීතය වාද­නය වන අව­ස්ථාවේ දී විදුලි සෝපා­නය ක්‍රියා­ත්මක නොක­රන ලෙස චක්‍ර­ලේ­ඛ­යක් මඟින් දැනුම් දී තිබිය දී එම උප­දෙස් නොතකා කට­යුතු කළ විදුලි සෝපා­න­ක­රු­ගෙන් තමා ඒ සම්බ­න්ධ­යෙන් විම­සී­මක් කළා මිස පෞද්ග­ලික පළි­ගැ­නී­මට දඬු­වම් කිරී­මක් හෝ හිරි­හැර කිරීමේ අද­හ­ස­කින් කිසි­වක් නොකළ බව හිටපු . 

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පිහිටි ගොඩ­නැ­ඟි­ල්ලෙහි විදුලි සෝපා­නයේ ක්‍රියා­ක­රුට පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් වූ නඩු විභා­ගයේ දී හිටපු පොලි­ස්ප­ති­ව­රයා එසේ සඳ­හන් කළේය.

පැමි­ණිල්ලේ සාක්ෂි සට­හන් කිරීම අව­සන් වීමෙන් පසුව යමක් කීමට තිබේ­දැයි මහේ­ස්ත්‍රා­ත්ව­රිය සිදු කළ විම­සී­මෙන් අන­තු­රුව විත්ති කූඩුවේ සිට ඔහු මේ ප්‍රකා­ශය සිදු කළේය. පාස්කු ඉරු දින සිදු වූ සිදු­වී­මෙන් අන­තු­රුව එව­කට සිටි ජනා­ධි­ප­ති­ව­රයා විසින් මා පොලි­ස්පති ධුර­යෙන් අනි­වාර්ය විශ්‍රාම යැවී­මෙන් පසුව අදාළ සිද්ධි­යට මුහුණ දුන් විශ්‍රාම ගිය නිල­ධා­රියා වන විදුලි සෝපාන ක්‍රියා­කරු නැවත ගෙන්වා වසර දෙක­කට පසුව එනම් 2019 වසරේ පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කිරීම සම්පූ­ර්ණ­යෙන්ම මා කෙරෙහි වෛර­යෙන් ද්වේෂ­ස­හ­ග­තව කළ පැමි­ණි­ල්ලක් බවට මා විශ්වාස කරන බව ද හිටපු පොලි­ස්පති පූජිත් ජය­සු­න්දර මහතා සඳ­හන් කළේය.

2019 වසරේ සිදු වූ අවා­ස­නා­වන්ත පාස්කු සිදු­වී­මෙන් පසු ව්‍යවස්ථා විරෝධී ලෙස එව­කට සිටි ජනා­ධි­ප­ති­තුමා පොලි­ස්පති රාජ­කා­රි­යෙන් මා අනි­වාර්ය නිවාඩු යැවු බවත් මට රැකි­යා­වක් නැතිව නඩු කට­යු­තු­වල සිටින විට මේ පැමි­ණිල්ල අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව යොමු කර තිබූ බවත් කී ඒ මහතා එව­කට සම­ර­කෝන් බණ්ඩා කියන විදුලි සෝපාන ක්‍රියා­කරු විශ්‍රාම ගිහින් තිබුණේ යැයිද විශ්‍රාම ගිය නිල­ධා­රියා පණි­වුඩ යවා ගෙන්වා අදාළ පැමි­ණිල්ල කර තිබුණා යැයි ද ඒ මහතා විවෘත අධි­ක­ර­ණය හමුවේ කියා සිටි­යේය.

ජාතික ගීය වාද­නය වන අව­ස්ථාවේ විදුලි සෝපා­නය ක්‍රියා­ත්මක නොක­රන ලෙස එව­කට චක්‍රෙ­ල්ඛ­යක් මඟින් දැනුම් දී තිබිය දී එම උප­දෙස් නොතකා කට­යුතු කරන බවට ලද තොර­තු­රුක් මත පරීක්ෂා කිරී­මට යාමේදී විදුලි සෝපා­නය ක්‍රියා­ත්මක වෙමින් තිබූ බවත් එය ක්‍රියා­ත්මක කළේ කා වෙනු­වෙන්ද යන්න තමන් විදුලි සෝපාන ක්‍රියා­ක­රු­ගෙන් විම­සී­මක් කිරී­මක් පම­ණක් කළ බව කී ඒ මහතා පෞද්ග­ලි­කව පළි ගැනී­මට දඬු­වම් කිරී­මට හෝ හිරි­හැර කිරීමේ අද­හ­සින් කිසි­වක් නොකළ බව ද හෙතෙම කියා සිටි­යේය.

ස්වාමීනි මට අව­ශ්‍ය­තා­ව­යක් තිබුණේ නම් විදුලි සෝපාන ක්‍රියා­ක­රුට එරෙ­හිව වින­යා­නු­කූල පිය­වර ගැනී­මට තිබුණා. එව­කට මා පොලි­ස්ප­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කර­මින් සිටියේ යැයි කී ඒ මහතා සිද්ධි­යෙන් දින දෙක­කට පසුව මා නැව­තත් එහි ගොස් අවශ්‍ය උප­දෙස් ලබා දුන්නා. සම්පූ­ර්ණ­යෙන්ම මා කෙරෙහි වෛර­යෙන් ද්වේෂ­ස­හ­ග­තව කළ පැමි­ණි­ල්ලක්. මම එහෙම අද­හ­සින් ආය­තන ප්‍රධා­නි­යෙක් ලෙස කට­යුතු කර නැහැ. නමුත් මට පාස්කු­ව­ලින් පසු ඇති වූ අවා­ස­නා­වන්ත සිදු­වී­ම්ව­ලට තව­දු­ර­ටත් හිරි­හැර කිරීමේ අද­හ­සින් මෙය කළ බවට මම හිත­නවා. චක්‍ර‍ෙ­ල්ඛ­යට අනුව වැඩ කරන්න කියා කිවුවා මිස පෞද්ග­ලි­කව පළි ගන්න දඬු­වම් කරන්න හිරි­හැර කරන්න කළ දෙයක් නෙවෙයි යැයිද හෙතෙම සඳ­හන් කළේය.

මට එරෙ­හිව කිය­වුණු චෝදනා වසර 6ක් තිස්සේ දිග­ටම අසා අව­සන් වීගෙන එන අව­ස්ථාවේ ආ‍ෙයත් සාක්ෂි ඇදලා ගන්න විදිහ සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රින්ගේ ආක­ල්පය පිළි­බඳ මට හිතට අමා­රුයි වේද­නයි. ඒක මගේ ඉර­ණම වෙන්න ඕන කියලා මා හිත­නවා යැයිද හෙතෙම කියා සිටි­යේය.

2017 අප්‍රේල් 11 වනදා සිදු වීම වුණා. රාජ­කා­රි­යට බාධා කළ බවට චෝදනා එල්ල වුවද රාජ­කා­රිය සිදු නොකි­රීම සම්බ­න්ධ­යෙන් ලැබුණු තොර­තුරු මත පරීක්ෂා කිරී­ම­ක­ටයි මා එහි ගියේ. එව­කට රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශය විසින් යොමු කර තිබූ චක්‍ර‍ෙ­ල්ඛ­යක් තිබුණා පෙර­වරු 8.30ට රාජ­කාරි ආරම්භ කිරී­මට පෙර ජාතික ගීය වාද­නය කරන ලෙස. එය ක්‍රියා­ත්මක වන අව­ස්ථාවේ 2016 අවු­රුද්දේ පොලී­සි­යට වසර 150ක් පිරීම නිමි­ත්තෙන් පොලිස් ගීත­යක් නිර්මා­ණය කර රාජ්‍ය පරි­පා­ලන චක්‍ර‍ෙ­ල්ඛ­ව­ලට අනු­කූ­ලව පොලිස් ගීතය වාද­නය කිරී­මට අදාළ චක්‍ර‍ෙ­ල්ඛ­යක් සිය­ලුම ඉහළ නිල­ධා­රින් දැනු­ම්වත් කර එම චක්‍ර‍ෙ­ල්ඛය ඒ සම්බ­න්ධ­යෙන් නිකුත් කළා. පොලිස් නිල­ධා­රින්ගේ මාන­සි­ක­ත්වය යහ­පත ගැන සිතා විනාඩි තුනක භාව­නා­මය වැඩ­ස­ට­හ­නක් ඊටම එකතු කළා. අත්‍ය­වශ්‍ය රාජ­කාරි නිවාඩු, අස­නීප, මාර්ග බාධක රාජ­කාරි, අධි­ක­රණ කට­යු­තු­ව­ලට බාධා­වක් නොවන අයු­රින් මෛත්‍රි සහ ආනා­පාන භාවනා විනාඩි තුනක් සිදු කිරී­මට උප­දෙස් දී තිබුණා. ඉන් බලා­පො­රාත්තු වුණේ රාජ­කා­රි­වල ඇති ව්‍යාකූ­ල­භා­ව­යෙන් මිදී රාජ­කාරි සිදු කිරී­මට හැකි­යා­වක් ලබා දීම. වාචික උප­දෙ­ස්ව­ලට අනුව මාස තුනක් සිදු කළ පරීක්ෂා කිරීම් සතු­ටු­දා­යක බැවින් චක්‍ර‍ෙ­ල්කය පිළි­යෙල කර ඉදි­රි­පත් කළා. ඉන් පසුව මට තොර­තුරු ලැබුණා ස්ථාන කිහි­ප­යක මෙය නිසි ආකා­ර­යට ක්‍රියා­ත්මක නොව­න­බ­වට. එකක් තමයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව. ජාතික ගීය වාද­නය කරන අව­ස්ථා­වක වෙනත් ආය­ත­න­යක වුවත් සීරු­වට යනවා. මෙතන මෙය ක්‍රියා­ත්මක නොවන නිසා එය පරීක්ෂා කර බැලී­මට මම පැමිණ මඟින් හැරි පළමු අව­ස්ථාවේ ගියා.

හිටපු පොලි­ස්පති පූජිත් ජය­සු­න්දර මහතා විසින් පොලිස් මූල­ස්ථා­නයේ විදුලි සෝපාන ක්‍රියා­ක­රු­ව­කුට විදුලි සෝපා­නය අසල දී සාප­රාධි බල­හ­ත්කා­ර­කම් හා සාප­රාධි බිය­ගැ­න්වීම් සිදු­කි­රීමේ චෝද­නා­ව­ලට අදා­ළව පවරා ඇති නඩු­වට අදා­ළව සීසී­ටීවී දර්ශ­න­ව­ලට ඇතු­ළත් සාක්ෂි කොටුව මහේ­ස්ත්‍රාත් නිලු­පුලී ලංකා­පුර මෙණෙ­විය ඉදි­රියේ කැඳ­වනු ලැබීය.

අන­තු­රුව වැඩි­දුර සාක්ෂි කැඳ­වීම සඳහා නඩුව ලබන ජූලි මස 16 තෙක් කල් තබන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය.

බිය විය යුත්තන් සහ නොයුත්තන් ගැන අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්.!

බිය විය යුත්තන් සහ නොයුත්තන් ගැන අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්.!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසන්නේ රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන සියලුම ක්‍රියා දූෂණය නැමති වරදට නොගන්නා බවයි.

නමුත් රාජ්‍ය නිලධාරීන් විසින් කරන යම් ක්‍රියාවක් චේතනාන්විතව හෝ දැනුවත්ව රජයට පාඩුවක් හෝ වෙනත් අයෙකුට වාසියක් වන බවට දැනුවත්ව සිදුකළහොත් එය දූෂණය නැමති වරදට යටත් වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඇතැම් අවස්ථාවලදී මහජනතාවගේ යහපත සඳහා ඇතැම් වගන්තිවලින් පිට වැඩ කිරීමට සිදුවන අවස්ථා ඇති බවත් එවැනි අවංක අරමුණකින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් බියවිය යුතු නොමැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

කෙසේවෙතත් ඒ අතර බියවිය යුතු කොට්ඨාසයක් සිටින බවත් දූෂණ ක්‍රියාවලට තමන්ගේ නිල බලය භාවිතා කළ පිරිස් එලෙස බියට පත්විය යුතු බවත් එවැනි පුද්ගලයින් නිසා පසුගිය කාලයේ රජයට විශාල පාඩු සිදුව ඇති බවයි රංග දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

එක් ඇසක් නොපෙනෙන අලුත ගෙනා මොනරියගේ කතාව.!

එක් ඇසක් නොපෙනෙන අලුත ගෙනා මොනරියගේ කතාව.!

-උණුසුම කතු වැකිය-

ශ‍්‍රී ලංකාව ගෙන්වූ නව එයාබස් යානයේ වයිපරයේ දෝෂයක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එහි වයිපර් ක්‍රියාත්මක නොවන බව සාම්ප්‍රදායික ජල සත්කාර අවස්ථාවේදී දැකගත හැකි වූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නවතම එයා බස් යානය මෙරටට පැමිණි අවස්ථාවේ එය පහල මට්ටමින් පියාසර කරමින් සිදුකළ ප්‍රවර්ධන කටයුත්ත සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ අදහස වූයේ ගමේ තරුණයෙක් මිලදී ගත් පැරණි බයිසිකල් කටුවක් ප්‍රදර්ශනය කිරීම සඳහා ගම වටේ පැද යෑම වැනි දෙයකි.

මෙම නව එයා බස් යානය ශ්‍රී ලංකන් ගුවන් සේවයට වඩා පහළ මට්ටමේ ගුවන් සේවයක් වන ගරුඩා ගුවන් සේවයට වසර 14ක් බදු දුන් එයා බස් යානයක් වන නමුත් එය රජය රටට ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කළ බවත් පවසමින් මන්ත්‍රීවරයා සමච්චල් කළේය, ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය තව දුරටත් ජනතාවට බරක් කිරීමට යනවාදැයි ඔහු විමසීය.

කෙසේවෙතත් ලෝකේ බහුතරයක් මෙවන් ගුවන් සේවා නව ගුවන් යානයක් හඳුන්වාදීමේදී මෙවැනි ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම ලෝකය පිළිබඳ අවබෝධයක් ඇති පිරිස් දන්නා කරුණකි. ඒ අතින් ශ්‍රී ලංකන් ආයතනය සිදුකළ ප්‍රවර්ධන උත්සාහය සාර්ථක බව අපිට පෙනී යයි.

නමුත්, ඇයි පරණ ප්ලේන් එකක්..? ඊට පෙර සොයා බැලිය යුතු ප්‍රායෝගික කරුණු ගණනාවක් ඇත, මේ වනවිට අලුත් ප්ලේන් හැදෙනවද.?, අද ඕඩරයක් දැම්මොත් ප්ලේන් එක ලැබෙන්නෙ කොයි කාලෙකින්ද.?, අලුත්ම එකක් ගන්න අපට සල්ලි තියෙන්වාද.?

ඒ කතාව එතරම් සුන්දර නැත. අපි වගේ රටකට තවමත් ගැලපෙන්නේ ලීස් කරලා ප්ලේන් අරන් දුවන එකයි. පාරෙ දුවන වාහන වගේ නෙවෙයි ප්ලේන් කියන ජාතිය. ඒවා උඩ යවන්න ජාත්‍යන්තරේ පිලිගත්ත තත්ව පරීක්ෂණ ගොඩක් තියෙන්වා. ඒවාට අනුකූල නම් ප්ලේන් එක උඩ යනවා. ඒ කතාව පාට පාට ලයිට් පත්තුවෙන තොරොම්බල් බස් තරම් සරල නැත.

ප්ලේන් එකක් කියන්නේ පාරේ යන එකක් නෙවෙයි, අහසේ යන එකක්. ඒ නිසාම මොකක් හරි අවුලක් ආවොත් පාරේ වාහනේ නවත්තලා බොනට් එක ඇරලා බලනවා වගේ, ප්ලේන් අහසේ නවතා අලුත්වැඩියා කිරීමට බැරිය.

ඔන්න ඔය වගේ හේතු ගොඩක් නිසයි එකක් එකකට සම්බන්ධ නොවී මේ ප්ලේන් වල ගොඩක් සිස්ටම් තියෙන්නේ. එකක් අවුල් ගියොත් අනිකෙන් හරි ඇදන් යන්න පුලුවන් වෙන්නයි ප්ලේන් කියන ජාතිය හදලා තියෙන්නේ. කොටින්ම එක එන්ජින් එකක් ෆෙල් වුනොත් අනිත් එන්ජින් එකෙන් ඇදන් යන්න පුලුවන්.

වයිපරෙත් එහෙමයි. ප්ලේන් එකේ වයිපරේ වැඩ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පර්මිට් එකට බස්සපු බ්‍රෑන්ඩ් නිව් V8 වාහනේක වගේ එක ස්විච් එකකින් නෙවෙයි.

ඒකට කොක්පිට් එකේ පොඩි බොත්තමකුයි කරකවන්න ස්විච් එකකුයි තියෙනවා. ඕං ඕකෙන් තමා වයිපර් දෙක වැඩ කරන්නේ. ඒ වෙලාවෙ හැටියට පයිලට්ලට ඉස්සරහා බලාගන්න එක වයිපරයක් ඇති නම් එකක් ඔන් කරගන්නවා. දෙකම ඔන් කරගන්න ඕනි නම් දෙකම ඔන් කරනවා. සරලවම කතාව එච්චරයි.

මේ සම්බන්ධයෙන් නියම කතාව පැවසූවේ ශ්‍රී ලංකන් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ලසිත් මාලිංග මහතායි. “බෙනේ ඇතුලේ වෙන දේවල් දන්නේ ගිරව් මිස රිලව් නෙවෙයි”

මේ ගෙනාව එයාක්‍රාෆ්ට් එකේ රෙජිස්ට්‍රේශන් එක R4-ALT. මේකෙ 4R කියන්නේ අපේ රටේ කෝඩ් එක. එතකොට L එක ආවේ 330 කාණ්ඩයේ අකුර තමයි ඒක. එතකොට T කියන්නේ ප්ලේන් එකට අදාල අකුර. T කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ 20 වෙනි අකුර. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි ගාව 330 ප්ලේන් 20ක් තියෙන්වා කියන එක. ඒකෙන් කියන්නෙ අපි පාවිච්චි කරන 20 වෙනි Airbus 330 ප්ලේන් එක මේක කියන එක විතරයි. මොකද ALA, ALC වගේ ප්ලේන් මේ වෙනකොට ෆ්ලීට් එකේ නෑ. ලීස් කරලා ගෙනාවා, කාලෙ ඉවර වුනාම ආපහු භාර දුන්නා. ඕක ලෝකෙ පිලිගත් ක්‍රමවේදයක්.

ඒ වගේම අමතක කරන්න එපා 2025 එයාලයින් රෑංකිං ලිස්ට් එකේ එයාලයින් සිය දහස් ගාණක් අතරින් අපේ පුංචි රටේ පුංචි එයාලයින් එක ලෝකෙන් ම 20 කියන එක.

එවැනි ජයග්‍රහන වෙනුවෙන් මෙවැනි අවලාද ඉවසගෙන කැපවීමෙන් වැඩ කරන දක්ෂ, පුහුණු ස්ටාෆ් එකක් ඉන්නෙත් රටේ වාසනාවට කියන එක අමතක කරන්න එපා.

කෙසේවෙතත් මෙවැනි අවලාද නගන්නන්ට අපි ලිව යුතුයි, 2025 එයාලයින් රෑංකිං ලිස්ට් එක අරන් බලන්න. හෙන ලොකුයි කියන, ලස්සනයි කියන එයාලයින් කීයක් අපට පහලින්ද ඉන්නේ කියන එක නලීන් බන්ඩාරට වගේම අපේ එයාලයින් එකට ගරහපු, හරහන හැමෝටම පෙනෙයි.

කෙසේවෙතත් මේ ගුවන්යානය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය අප පාඨකයන්ට ගෙන ඒමට අප තීරණය කළෙමු.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පුනර්ජීවනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, ප්‍රංශයේ එයාර් බස් සමාගම විසින් නිෂ්පාදිත ඒ330-243 වර්ගයේ පුළුල් බඳ සහිත (Wide Body) නවතම ගුවන්යානය පසුගියදා උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත සම්ප්‍රාප්ත විය. 

ප්‍රංශයේ ෂටරූ (Chateauroux) ගුවන් තොටුපොළේ සිට පැය 11ක දිගු ගුවන් ගමනකින් පසු මෙම ගුවන්යානය කටුනායක වෙත ළඟා වූ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන ගුවන් නියමු රජීන් රණතුංග මහතා විසින් එය මෙහෙයවන ලදී.

මෙම ගුවන් ගමනේදී ඉන්ජිනේරුවරුන් ඇතුළු තවත් දස දෙනෙකු කාර්ය මණ්ඩලය ලෙස සහය දී ඇති අතර ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වූ පසු, මෙම ගුවන්යානය පානදුර සහ මොරටුව ප්‍රදේශ හරහා අඩි 1,000ක පමණ උසකින් පියාසර කරමින් කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්-1202 දරන ලේබලය යටතේ ලියාපදිංචි කර ඇති මෙම නව ගුවන්යානය උදෑසන 10.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළට ළඟා වූ අතර, සම්ප්‍රදායානුකූල ජල ආචාර (Water Salute) පිරිනැමීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බෝයිං-747 හැංගරය වෙත රැගෙන යන ලදී.

මෙම අවස්ථාව සඳහා රැස්ව සිටි විශාල පිරිසකගේ උණුසුම් පිළිගැනීමක් හා අත්පොළොසන් නාදයක් මධ්‍යයේ ගුවන්යානය සිය ගමනාන්තයට ළඟා විය.

මෙම නවතම ගුවන්යානය එක්වීමත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව දැන් ගුවන්යානා 23ක් පවතින අතර, ඉන් 10ක් පුළුල් බඳ සහිත (Wide Body) ගුවන්යානා වන අතර ඉතිරි 13 පටු බඳ සහිත (Narrow Body) ගුවන්යානා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ මහතා පැවසූ පරිදි, තවත් පුළුල් බඳ සහිත ගුවන්යානා දෙකක් මිලදී ගැනීම සඳහා දැනටමත් කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙම නව ඒ330-243 ගුවන්යානය තුළ පිරිමැසුම්දායක පන්තියේ (Economy Class) ආසන 248ක් සහ ව්‍යාපාරික පන්තියේ (Business Class) ආසන 18ක් සවිකර ඇති අතර, මගීන් 266 දෙනෙකුට එකවර ගමන් කිරීමේ පහසුකම් සපයා ඇත.

ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළේ හැංගරය වෙත ළඟා වීමෙන් පසු, විවිධ ආගමික නායකයින් විසින් සර්ව ආගමික ආශිර්වාද පිරිනැමීමේ කෙටි උත්සවයක් පවත්වන ලදී. මෙම උත්සවයේදී ආගමික පූජකවරුන් ගුවන්යානය වෙත පිවිස කෙටි ආගමික වතාවත් සිදු කරන ලදී.

නව ගුවන්යානය විශේෂයෙන්ම දිගු දුර ගුවන් ගමන් සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇති අතර, පැය 4කට වඩා කාලයක් ගතවන ඕස්ට්‍රේලියාව, ලන්ඩන්, පැරිස්, ෆෑන්ක්ෆර්ට්, මැදපෙරදිග සහ චීනය වැනි ගමනාන්ත වෙත මෙම ගුවන්යානය යොමු කිරීමට නියමිතය.

මෙම වැදගත් අවස්ථාවට ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් කොඩිතුවක්කු මහතා, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ මහතා, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා, සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළු ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශාල පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පුනර්ජීවනය කිරීමේ වැඩසටහන යටතේ, මෙම නව ගුවන්යානය එක්කිරීම දැවැන්ත පියවරක් ලෙස සැලකෙන අතර, රටේ ගුවන් සේවා අංශය ශක්තිමත් කිරීමට මෙය විශාල දායකත්වයක් සපයනු ඇත.

විශේෂඥයන්ගේ මතය අනුව, ඒ330-243 ගුවන්යානය ඉන්ධන පිරිමැසුම් සහිත, පරිසර හිතකාමී ගුවන්යානයක් වන අතර, දිගු දුර ගමන් සඳහා ඉතාමත් යෝග්‍ය වෙයි.

මෙම ගුවන්යානය එක්වීම හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට ජාත්‍යන්තර ගුවන් සේවා වෙළඳපොළේ තරඟකාරීත්වය වැඩි කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ගුවන්යානය ඊයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර, ඉදිරි සති කිහිපය තුළ ජාත්‍යන්තර ගමනාන්ත වෙත සේවා සැපයීම ආරම්භ කරනු ඇත.

-උණුසුම කර්තෘ-

නාවලපිටියේ උත්සව සිරියක්.!

නාවලපිටියේ උත්සව සිරියක්.!

හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ වසර 20 කට සිරගත කරවීමේ ආරංචියත් සමග ඔහු නියෝජනය කළ නාවලපිටිය ආසනයේ ජනතාව නගර මධ්‍යයේ රතිඤ්ඥා දල්වමින් සතුටුවෙන ආකාරයේ වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

දැඩි මහින්ද රාජපක්ෂවා‍දියෙකු ක්‍රියාකළ මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය 2024 මැතිවරණයේදී අද දඩුවම් හිමිවූ නලින් ප්‍රනාන්දු සමග රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීමට එක් විය.

එසේ එක්වුණත් තම ආසන ප්‍රතිඵලයද දුර්වලවී පසුගිය මහමැතිවරණයේ අන්ත පරාජයට පත් වූ පසු දේශපාලනයෙන් සමුගැනීම නිවේදනය කළේය.

අද  කැරම් බොඩ් වංචා නඩුවට 20 අවුරුදු සිර දඩුවම ලබන්නට පෙර පොහොර වංචා නඩුවක් නිසා ඔහු බන්ධනාගාරගතව සිටියේය.

කැරම් බොඩ් වංචාව ඔහු කර තිබුනේ රාජපක්ෂ සමයේ ඡන්ද වැඩ සඳහා ක්‍රීඩා සංගම් ප්‍රවර්ධනය පිනිසය.

කෙසේ වෙතත් මෙම නඩුව වසර 11කට ආසන්න කාළයක් ජනාධිපතිවරු 3කු යටතේ යට ගොස් තිබූ මෙරට ප්‍රධාන නඩුවකි.

ට්‍රම්ප් මස්ක් දීගය අවසන් වෙයි.!

ට්‍රම්ප් මස්ක් දීගය අවසන් වෙයි.!

එලෝන් මස්ක් විසින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ දැරූ විශේෂ තනතුරෙන් ඉවත් වී තිබේ.

ඒ පිළිබඳ සිය X සමාජ ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ පිළිබඳව දැනුම්දී තිබේ.

එලොන් මස්ක් විසින් එම සටහන තබමින් ජනපති ට්‍රම්ප්ට ස්තූතිය පළකර තිබේ.

ඔහු තැබූ සටහන පහතින්.  

”විශේෂ රජයේ සේවකයෙකු ලෙස මගේ නියමිත කාලය අවසන් වන විට, නාස්තිකාර වියදම් අඩු කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම ජනාධිපති Donald Trump ට ස්තූති කිරීමට කැමතියි, DOGE මෙහෙයුම කාලයත් සමඟ ශක්තිමත් වනු ඇති බැවින් එය රජය පුරා ජීවන මාර්ගයක් බවට පත්වනු ඇත”

ලොව මෙතෙක් හමු වූ දිගම පටි පණුවා කුරුණෑගල දරුවකුගේ බඩේ.!

ලොව මෙතෙක් හමු වූ දිගම පටි පණුවා කුරුණෑගල දරුවකුගේ බඩේ.!

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා සඳහන් කළේ ලොව මෙතෙක් හමු වූ දිගම ‘වඳුරු පටිපණුවා’ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවුරුදු 10ක පිරිමි දරුවකුගේ උදරයෙන් සොයාගත් බවයි.

මෙම වඳුරු පටිපණුවා පිළිබඳ තොරතුරු මාස කිහිපයකට පෙර අනාවරණය වූ බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයට එවූ සාම්පල කිහිපයක් ඔස්සේ සිදු කළ පරීක්ෂණවලදී ලොව මෙතෙක් හමු වූ දිගම වඳුරු පටිපණුවා බවට සාම්පල විශ්ලේෂණයෙන් තහවුරු කර ගත් බවත් ඒ මහතා පැවසුවේය.

මෙම පටිපණුවාගේ බිත්තර බර්ටියෙල්ලා ගණයට අයත් වුවද එහි විශේෂය තහවුරු කර ගැනීම සඳහා අණුක ජීව පරීක්ෂණ ඉදිරියේදී සිදු කරන බවත් මෙම වර්ගයේ පටිපණුවෙක් දිග සෙන්ටිමීටර් 70ක් දක්වා සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

දැනට වාර්තා වී ඇති ලොව දිගම බර්ටියෙල්ලා පටිපණුවාගේ දිග සෙන්ටිමීටර් 40ක් බවත් කුරුණෑගලින් පැමිණි පිරිමි දරුවාගේ උදරයෙන් සොයාගත් පටිපණුවාගේ දිග සෙන්ටිමීටර 70ක් බවත් ඒ මහතා පැවසුවේය.

මීට පෙර බර්ටියෙල්ලා පටිපණුවන් මෙරටින් හමු වී ඇතත්, මෙම පටිපණුවා තරම් දිගු නොමැති යැයි ද මෙම පටිපණුවා ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන විශේෂයක් ද යන්න තීරණය කිරීම සඳහා ජාන පරීක්ෂණයකට යොමු කරන්නේ යැයි ද වෛද්‍ය දොළමුල්ල මහතා ප්‍රකාශ කළේය.

මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ පරපෝෂිතවේදී අංශයේ ප්‍රධාන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ තුෂාරා තන්තිරිගේ මහත්මිය විසින් වන අතර, පරපෝෂිතවේදී අංශයේ අංශ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතාගේ පූර්ණ සහාය මේ සඳහා ලැබී තිබේ.

හල්ලොලුව අභිරහස හෙළි වෙයි.. වෙඩි තැබීමට ආ පැදිකරු අත්අඩංගුවට.!

හල්ලොලුව අභිරහස හෙළි වෙයි.. වෙඩි තැබීමට ආ පැදිකරු අත්අඩංගුවට.!

පසුගිය 17 වැනිදා නාරාහේන්පිට පොලිස් වසමේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව ගමන් කරමින් සිටි මෝටර් රථයකට සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය හා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදු කරමින් පවතී.

එම විමර්ශන අනුව කොළඹ දිසා අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් ඊයේ (27) වත්තල හා කිරුළපන ප්‍රදේශවලදී මෙම වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු හා එම අපරාධයට අධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ජංගම දුරකථන 04ක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 40 වයස්වල පසුවන වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකුරුවන් අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

නාරාහේන්පිට පොලිසිය හා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.