Why is this happening (Sinhala)

වෘෂණ කෝෂවලට පයින් ගැසූ ‘ටීචර් අම්මා’ අත්අඩංගුවට.!

වෘෂණ කෝෂවලට පයින් ගැසූ ‘ටීචර් අම්මා’ අත්අඩංගුවට.!

පසුගිය සමයේ රට තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සම්මන්ත්‍රණයක් පැවැත්වූ ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටී.

සැකකාර ගුරුවරිය විසින් තරුණයෙකුගේ රහස් ප්‍රදේශයට පා පහරක් එල්ල කර ඇති අතර එය තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදීමෙන් පසු ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

අදාළ තරුණයාගේ සහෝදරිය විසින් මුහුණු පොතේ පලකළ ‘කොමෙන්ට්’ එකක් සම්බන්ධයෙන් අදාළ තරුණයාට මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇයගේ සැමියා හා හයේශිකා ප්‍රනාන්දුගේ කළමනාකරු යන දෙදෙනාව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබේ.

මාලිමාවේ පසුබෑමට කරුණු 5යි.. ලබන වසරේ නැවතත් 3%යි.!

මාලිමාවේ පසුබෑමට කරුණු 5යි.. ලබන වසරේ නැවතත් 3%යි.!

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක් බවත් මාලිමාවේ ඡන්ද පදනම තව අවුරුද්දකින් පරණ පුරුදු 3% දක්වා පහත වැටෙන බවත් පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කළේය.

මාලිමාවේ පසුබෑමට හේතු වූ කරුණු පහක් පිළිබඳවද එහිදී හිටපු මන්ත්‍රීවරයා සවිස්තරාත්මක විග්‍රහයක් කළ අතර එම කරුණු 5 පහත පරිදිය.

(1) ජනතාවගේ අභිමානයට කැලලක් වන අයුරින් බොරු කීම

(2) පාතාලය හිස එසවීමෙන් ඇති වුණු අනාරක්ෂිත බව

(3) ඉන්දියානු ගිවිසුම් පිළිබඳ ඇති වුණු සැකය

(4) දළදා වහන්සේ දේශපාලනිකරණය

(5) ආදරය දිගුකාලිනයි. කේන්තිය කෙටිකාලිනයි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල.

“කළු ගලේ ඔළුව ගහ ගන්න එපා ඔළුව චප්ප වේවි කියා හැමෝම අපිට අවවාද කරන විට අපි හිතුවක්කාර විධියට අවදානම නොතකා මාස අටක් නොකඩවා කළු ගලේ ඔළුව ගැහුව්වා. මෙන්න ඔළුව චප්ප වෙනවා වෙනුවට කළු ගල පුපුරා හැලෙන්න දැන් පටන් අරන් තියෙනවා. මේ පුංචි ඡන්දය ප්‍රතිඵලය පැහැදිලි කළ හැකි සරලම විධිය එයයි.

ආණ්ඩුව වැඩ වරද්දා ගත්තේ තමන් කළ පළමු පත්වීම වුණු ජනාධිපති ලේකම් පත්වීමෙන්. ඒත් එක්කම කළ තුන්වන පත්වීම වුණු මහජන ආරක්ෂක ලේකම් පත්වීමෙන්. ආණ්ඩුව පත් වෙලා සතියක් ගත වෙන්න කලින් අපි මේ පත්වීම් විවේචනය කලා. සමහරු අපට කිව්වේ ආණ්ඩුව කුණු වෙන තුරු ටික කලක් නිහඬව ඉන්න කියලා. නමුත් අපි තීරණය කලේ ආණ්ඩුවත් සමග රටත් කුණු වෙන්න දෙන්න බෑ. අපි ආණ්ඩුව වැරැද්දක් කළ වහාම ඒක පෙන්වා දෙනවා. ආණ්ඩුව නිහතමානි නම් වැරදි නිවැරදි කරගෙන ඉස්සරහට යාවි. ආණ්ඩුව උද්ධච්ඡ නම් වැරැද්ද රැක ගෙන තමන් විනාශ වේවි. ඒක ආණ්ඩුවේ තීරණයක්. විපක්ෂයේ වගකීම තමයි වැරදි පෙන්වා දෙන එක. අපි ඒක ඉටු කලා

පසුගිය දෙසැම්බර් මාසයේ සිට අපි අඛණ්ඩව කියූ දෙයක් තමයි පුංචි ඡන්දයේ දී පළාත්පාලන ආයතන විශාල ගණනාවක බහුතර බලය කාටවත් ලැබෙන්නේ නෑ. ඒ ප්‍රතිඵලය විසින් විපක්ෂයට සමගි වෙන්න බල කරනවා කියලා. අද ඒ අනාවැකිය සැබෑ වෙලා පලාත්පාලන ආයතන 339න් 170ක කාටවත්ම බහුතරය ලැබිලා නෑ. ඒ වගේම අපි කිව්වා මාලිමාවේ ඡන්ද ප්‍රතිශතය බරපතල ලෙස පහත වැටෙනවා. බොහෝ දුරට ජනපතිවරණයේ මට්ටමට ඒවි කියලා. ඒ අනාවැකියත් සැබෑ වෙලා. ජනපතිවරණයේ දී 42%ක් ගත්තු මාලිමාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී 63%ක් දක්වා ඉහළ ගොස් මේ මැතිවරණයේ දී 43% ක් දක්වා පල්ලම් බැහැලා තිබෙනවා.

අපේ තුන්වන අනාවැකිය තමයි මාලිමාව ගැන ජනතාව කලකිරුණත් වෙනත් කිසිම පක්ෂයකට ජන ආකර්ෂණය ලැබිලාත් නෑ. ඒ නිසා මාලිමාව අත් හැරපු ජනතාව බහුතරයක් ගෙදර නතර වෙනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම බරපතල ලෙස පහත වැටෙනවා. ඒ අනාවැකියත් සැබෑ වුණා.

මාලිමාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලක්ෂ 68.65ක් නැති නම් ලක්ෂ 69ක් ලබා ගත්තා. දැන් ඒක පුංචි ඡන්දයේ දී ලක්ෂ 45 දක්වා ඇදගෙන වැටිලා තිබෙනවා. ඒ කියන්නේ මාස හයක් ගත වෙන්නත් කලින් ඡන්ද පදනම ලක්ෂ 24කින් අඩු වෙනවා. මාලිමාවේ මේ පසුබෑම ලෝක ඉතිහාසයේ වාර්තා වන දැවැන්තම දේශපාලන පසුබෑමයි. මීට කලින් කිසිම රටක කිසිම කලක මාස හයක් ඇතුලත තම ඡන්ද පදනම 1/3කින් නැතිනම් 34%කින් කඩා වැටීමක් වාර්තා වෙන්නේ නෑ. අපි වැරදි නම් මාලිමා නායකයින් “නෑ. අහවල් රටේ අහවල් පක්ෂයේ ඡන්ද පදනම මාස හයක් ඇතුලත මීටත් වඩා කඩා වැටුණා” කියලා අපට කියන්න. අපි නිවැරදි වෙන්නම්.

මාස හයකට ඡන්ද ලක්ෂ 24ක් අඩු වෙනවා කියන්නේ තව මාස හයකින් ඡන්ද පදනම ලක්ෂ 21 වෙනවා කියන එකයි. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3% දක්වා පහත වැටෙනවා කියන එකයි. ඒ නිසා මේ ආණ්ඩුව නිසි දේශපාලන අවබෝධයෙන් කටයුතු කරනවා නම් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. එවිට අඩුම ගණනේ පලාත් සභා දෙක තුනක්වත් දිනා ගන්න හැකි වේවි. එහෙම නැති වුනෝත් මාලිමාවට ඉතිහාස‍යේ කාවදාවත් පළාත් සභාවක බලය ලබා ගන්න නම් අවස්ථාවක් උදා වෙන්නේ නෑ.”

මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තුවෙන් ඉවතට.!

මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තුවෙන් ඉවතට.!

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුන විසින් මීට සුළු වෙලාවෙක පෙර කටයුතු කළේය.

ඒ අද (8) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතුකරමින් අඛණ්ඩව පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙන්.

මුලසුනේ නියෝග කඩකරමින් දිගින් දිගටම පාර්ලිමේන්තු කටයුතු වලට බාධා කිරීම මත මත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනා ලෙස මුලසුනේ කටයුතු කළ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා වෙත නියෝග කළේය.

අත්අඩංගුවට ගත් කෙහෙළියගේ සාක්කුවේ ගජමුතු සහ පූජනීය භාණ්ඩ.!

අත්අඩංගුවට ගත් කෙහෙළියගේ සාක්කුවේ ගජමුතු සහ පූජනීය භාණ්ඩ.!

ඊයේ (7) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ ජනමාධ්‍ය පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන් හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ නොයොදා ඔවුන්ට වැටුප් සහ දීමනා ගෙවූ බවට හඟවා රජයට රුපියල් ලක්ෂ 800 කට අධික පාඩුවක් සිදු කළ බවට වන චෝදනාවක් මතයි.

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයා වැලිකඩ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ආ අවස්ථාවේදී ඔහු සතුව තිබී ගජමුතුවක් සහ ශ්‍රී මහා බෝධියේ බව කියන දැවමය කොටසක් බන්ධනාගාර බුද්ධි නිලධාර්න් විසින් ඊයේ (07) රාත්‍රීයේ සොයාගෙන ඇතැයි වාර්තා වේ.

එම පූජනීය වස්තූන් බන්ධනාගාර බුද්ධි නිලධාරීන් භාරයට ගැනීමත් සමගම අමාත්‍යවරයා කළහකාරි ලෙස හැසිරි ඔහුගේ ආරක්ෂාව සඳහා එය සන්තකයේ තබාගත් බව පවසමින් එය නැවත ඔහු වෙත ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව සඳහන්.

හිටපු අමාත්‍යවරයාව බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් අනතුරුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ප්‍රධාන දොරටුව අබියසදී බන්ධනාගාර බුද්ධි නිලධාරීන් විසින් ඔහු පරික්ෂා කිරීමේදී අතෙහි සඟවා ගෙන සිටි ලේන්සුවක් තුළ ඉතා සූක්ෂම ලෙස ඔතා තිබූ ගජමුතුව සහ ශ්‍රී මහා බෝධියේ පොත්තක් බව කියන දැවමය කොටස හමු වී තිබේ.

වීදුරු බෝලයකට හා සමාන එම ගජමුතුව ජංගම දුරකථනයේ විදුලි පන්දම දැල්වීමේදී රක්ත වර්ණයෙන් බබලන බවද ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

එයින් මද වේලාවකට පමණ පසු වර්තමාන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ නමක් ද සඳහන් කරමින් බුද්ධි ප්‍රධානියකුගේ අවසර මත යැයි පවසමින් හිටපු අමාත්‍යවරයාව හමුවීම සඳහා රාත්‍රී අටට පමණ ඔහුගේ මිණිබිරියක පැමිණ ඇති අතර බන්ධනාගාර නියාමකවරුන් එයට අවසර ලබාදී නැති බව තවදුරටත් සඳහන් වනවා.

Source – Lankadeepa

බහුතරය අහිමි සභා සියල්ලම අණ්ඩුවටම ලබාදීමේ තීරණයක්.!

බහුතරය අහිමි සභා සියල්ලම අණ්ඩුවටම ලබාදීමේ තීරණයක්.!

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව බලය පිහිටුවීමට පැහැදිලි බහුතරයක් නැති පළාත් පාලන ආයතනවල පාලන බලය ජාතික ජනබලවේගයටම පවත්වාගෙන යෑම සඳහා ලබා දිය යුතු බවට විපක්ෂයේ දේශපාලන නායකයින් පැවැත්වූ සාකච්ඡාවකදී යෝජනා වී ඇති බව වාර්තා වේ.

යම් හෙයකින් විපක්ෂය ඒකාබද්ධ වී බලය පිහිටවහොත් එහිදී ආණ්ඩු පාර්ශවයෙන් විවිධ ආකාරයේ බාධා කිරීම් සිදුවිය හැකි බැවින් පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑමේ විවිධ අර්බුදයන්ට මුහුන දීමට සිදුවනු ඇති බවට එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව වර්තමාන ජාතික ජන බලවේගයටම බලය පවත්වා ගෙන යාමට අවශ්‍ය සහයෝගය දිය යුතු බවද යෝජනා වී ඇති අතර ඒ හරහා ජාතික ජන බලවේගයට ප‍්‍රාදේශීය සභාවන් පාලනය කරගෙන යාමේ හැකියාවක් ඇද්ද නැද්ද යන්න ජනතාව තේරුම්ගත හැකිවනු ඇති බවද බහුතර පිරිසගේ මතය වූ බව සඳහන්.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වැඩිදුරටත් පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ කුණු කානුවල පිස්තෝල.!

වැලිකඩ බන්ධනාගාරයේ කුණු කානුවල පිස්තෝල.!

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

බොරැල්ල පොලිසියට කළ දෑනුම්දීම අනුව පැමිණි නිලධාරීන් මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බවත් වැලිකඩ බන්ධනාගාරයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

එම රිවොල්වරය වසර කිහිපයක් පස්වලට යට වි තිබු බවට සැක කරන අතර ඉදිරි විමර්ශන කටයුතු සදහා බොරැල්ල පොලිසිය එය භාර දුන් බවද ගාමිණී බී දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“කට වරද්දාගත් නිසා ක්ලබ් වසන්ත මැරුවා” ලොකු පැටී සුළ මුල වමාරයි.!

“කට වරද්දාගත් නිසා ක්ලබ් වසන්ත මැරුවා” ලොකු පැටී සුළ මුල වමාරයි.!

බෙලරූස් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ඊයේ (4) රැගෙන ආ “ලොකු පැටී” නමැත්තා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවකු වූ මාකඳුරේ මධූෂ්ගේ මුදල් ලබාදෙන ලෙස කංජිපානි ඉම්රාන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම මත ඇතිවූ ආරවුල හා පසුව යූටියුබ් ඔස්සේ කළ නොරිස්සුම් කතා හේතුවෙන් ක්ලබ් වසන්ත ඝාතනය කළ බවයි.

ලොකු පැටී නමින් හඳුන්වන මෙම සැකකරු, කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ 07 වන රෙජිමේන්තුවේ සේවය කළ, අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වේ.

ජාත්‍යන්තර රතු නිවේදන මත අත්අඩංගුවට ගත් ඔහු, ක්ලබ් වසන්ත ඝාතනය ඇතුළු මිනීමැරුම්, වෙඩි තැබීම්, බෝම්බ ප්‍රහාර, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රාශියක සැකකරුවෙකි.

ලොකු පැටී කළ හෙළිදරව්ව අනුව, මාකඳුරේ මධූෂ්ගේ මුදල් ක්ලබ් වසන්ත සතුව තිබී ඇති බැවින් ඒවා කංජිපානි ඉම්රාන් ඉල්ලා සිටින අවස්ථාවේ ක්ලබ් වසන්ත ඔහුට බැණ වැදී ඇත.

මෙම සිදුවීම හේතුවෙන් කංජිපානි දැඩි ලෙස ක්ලබ් වසන්ත සමග උරණ වී සිටි බවත්, කංජිපානි ඉම්රාන් ලොකු පැටී සමග එක්ව ක්ලබ් වසන්ත ඝාතනය මෙහෙයවූ බවත් සැකකරු පාපොච්චාරණයේදී හෙළි කර ඇත.

සැකකරු තවදුරටත් පවසා ඇත්තේ, ක්ලබ් වසන්ත ඝාතනය සඳහා යොදාගත් “ටැටූ මල්ලී” නැමැත්තා තම උපන් ගමේ වීම හේතුවෙන් ඔහුවද ඒ සඳහා යොදාගත් බවයි.

ලොකු පැටී නමැති සැකකරු තම පාපොච්චාරණයේදී, ක්ලබ් වසන්ත ප්‍රසිද්ධ යූ ටියුබ් නාළිකාවක් සමග පැවැති සංවාදයකදී සඳහන් කළ ප්‍රකාශයක් ගැනද අනාවරණය කර ඇත.

එම සංවාදයේදී ක්ලබ් වසන්ත විසින් තමාට තරහකාරයෝ දෙදෙනෙකු සිටින බවත්, එක් අයෙකු මිය ගිය බවත්, අනෙකා බියෙන් රට පැන ගිය බවත් ප්‍රකාශ කරනා අතර ක්ලබ් වසන්ත විසින් “මළා” යැයි සඳහන් කර ඇත්තේ මාකඳුරේ මධූෂ් ගැන බවත්, “රට පැන්නා” යනුවෙන් හඳුන්වා ඇත්තේ කංජිපානි ඉම්රාන් පිළිබඳව බවත් ලොකු පැටී හෙළි කර ඇත.

සැකකරු ලොකු පැටී තවදුරටත් පාපොච්චාරණය කර ඇත්තේ, තමන් ව්‍යාජ විදේශගමන් බලපත්‍රයක් සකසාගෙන ඩුබායි රාජ්‍යයට පලා ගිය බවයි. ඉන්පසුව ඔහු රොටුඹ අමිල නම් පාතාල කල්ලි සාමාජිකයා සමග බෙලරූස් රාජ්‍යයට ගොස් එහිදී අත්අඩංගුවට පත් වූ බව‍යි.

ජාත්‍යන්තර රතු නිවේදන මත අත්අඩංගුවට ගත් ලොකු පැටී නමැති සැකකරු ඊයේ (04) දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත. මේ වන විට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුගේ ප්‍රකාශය මත පදනම්ව තවත් සැකකරුවන් සොයා ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධව ලොකු පැටීගේ පාපොච්චාරණය මත පදනම්ව, කංජිපානි ඉම්රාන් ඇතුළු අනෙකුත් සැකකරුවන් සම්බන්ධයෙන් ද විමර්ශන කටයුතු දැඩි ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි බලධාරීහු පවසති.

පූජනීය ධාතුන් වහන්සේ රැසක් කෝටි 386කට විකුණයි.!

පූජනීය ධාතුන් වහන්සේ රැසක් කෝටි 386කට විකුණයි.!

බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක් ශ්‍රී ලංකා රුපියල් කෝටි 386 ක් පමණ මුදලකට එළැඹෙන 7 වැනිදා වෙන්දේසි කිරීමට නියමිතය.

බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු කිරීමේ භාණ්ඩ සහ ස්වර්ණාභරණ තැරැව්කාර ආයතනයක් වන සදබි වෙන්දේසි සමාගම විසින් මෙම වෙන්දේසිය සැළසුම් කර ඇත.

මෙම ධාතු 1898දී ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි Piprahwa නමින් හැඳින්වෙන පුරාණ ස්තූපයකින් බ්‍රිතාන්‍ය ඉඩම් හිමිකරු William Claxton Peppé විසින් සොයාගනු ලැබීය. එහිදී හමුවූ විශාල ශිලා කොප්පයක් තුළින් බුදුන්ගේ අස්ථි කොටස් සහ මැණික්, මුතු, රන් හා රිදී භාණ්ඩ ඇතුළු අභිමානවත් පූජනීය ද්‍රව්‍ය රැසක් හමුවිය.

මෙම ස්ථූපය බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම සඳහා ශාක්‍යය වංශිකයන් ඉදිකළ ස්තූපයක් ලෙස සැළකේ.

මෙම එකතුවේ කොටසක් ඉන්දියාවේ කොල්කටා නගරයේ ඉන්දීය කෞතුකාගාරයට පවරනු ලැබූ අතර, 331ක් පමණ වූ අනුපිටපත් භාණ්ඩ Peppé පවුලේ පුද්ගලික එකතුවක් ලෙස රඳවාගෙන තිබුණි

මෙම පුරාණ එකතුව කිසිවකට සමානකළ නොහැකි ආගමික, පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වැදගත්කමක් ඇති එකතුවක් ලෙස විස්තර කරමින් සදබි වෙන්දේසි සමාගම සිය වෙන්දේසි ලැයිස්තුවට එක් කර තිබේ.

කෙසේ වෙතත් වෙන්දේසිය සිදු කරන සදබි හොංකොං කාර්යාලය සඳහන් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් තැන්පත් කර තිබූ අළු බඳුනේ ඔබ්බවා තිබූ මැණික් ගල් මෙම එකතුවට ඇතුළත් වුවත් බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ඇතුළත් නොවන බවයි.

වසර 23ක් පැරණි රනිල්ගේ ආරක්ෂාව අහිමි වෙයි.!

වසර 23ක් පැරණි රනිල්ගේ ආරක්ෂාව අහිමි වෙයි.!

මැයි 1 වැනිදා සිට බලපවත්වන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිසියට මාරු කරනු ලැබ තිබේ.

පොලිස් මූලස්ථානය විසින් මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වසර 23ක් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කළ අතර වික‍්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධරයා ලෙස වසර 15ක් සේවය කර ඇත.

බිරිඳට රිදවන්න සොළොස්වස් දියණියගේ ගෙල කැපූ නරුම පියෙක්.!

බිරිඳට රිදවන්න සොළොස්වස් දියණියගේ ගෙල කැපූ නරුම පියෙක්.!

විදේශගත බිරිඳ සමඟ දුරකථනයෙන් බහින්බස්වීමක් සිදුවීමෙන් අනතුරුව ඇති වූ පවුල් ආරවුලක් මත 29 රාත්‍රී පියා වයස අවුරුදු දොළහක් වන දියණියගේ ගෙල කපා බරපතල තුවාල සිදුකර පියාද සියතින් ගෙල කපාගෙන බරපතළ තුවාල ලැබීමෙන් පසුව දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව ලියංගහවෙල පොලිසිය පැවසීය.

කොස්ලන්ද පෙට්ටිගල මහකන්දවත්ත ප්‍රදේශයේ පදිංචි පියා සහ දියණිය මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලබා තිබේ.

වයස අවුරුදු හයක් වන තවත් පිරිමි දරුවකු මෙම නිවසේ සිටින බවද පොලිසිය පැවසීය.

ආර්ථික අපහසුකම් පැවැති බැවින් මීට අවුරුද්දකට පමණ පෙර බිරිඳ විදේශ රටක රැකියාවක් සඳහා ගොස් ඇති බවද ටික කලකට පසු නිතර මොවුන් දෙදෙනා දුරකථනයෙන් ආරවුල් ඇති කරගන්නා බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පැවසීය.

වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ පියා ඉතා අසාධ්‍ය තත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.බණ්ඩාරවෙල ලියන්ගහවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.