Why is this happening (Sinhala)

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 12ක් නිදහස් කරයි.!

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 12ක් නිදහස් කරයි.!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදාහැර සිටි සැකකරුවන් දසදෙනකු සහ සැකකාරියන් දෙදෙනෙකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළේය. 

ඒ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය ඔවුන්ට අදාළ විමර්ශන අවසන් කර, උදෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර කිරීමෙන් අනතුරුවයි. 

පොලීසිය අධිකරණයට දන්වා සිටියේ, නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මෙම පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව අදාළ සැකකරුවන් මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් භාරයේ තිබී පොලීසිය භාරයට ගන්නා ලද ජංගම දුරකථන ඇතුළු නඩු භාණ්ඩ ඔවුන් වෙත මුදාහැරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසද ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාල භාණ්ඩ සැකකරුවන් වෙත මුදාහරින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පටි රෝල් රනිල් ජාමේ බේරාගැනීමේ මෙහෙයුමක.?

පටි රෝල් රනිල් ජාමේ බේරාගැනීමේ මෙහෙයුමක.?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීතීඥවරයා විසින් තමා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධවදහස් දක්වා තිබේ.

කිසිදු පදනමක් නොමැතිව තමා විසින් නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ලිපි එවීම සහ තමාගේ නීතීඥවරයා විසින් එවන ලද ලිපි ජනාධිපතිවරයා සමග බෙදා ගැනීමට අල්ලස් කොමිසමේ ජනරාල්වරයා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බව එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ නිවේදනය පහතින්,

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීතිඥවරයා විසින් මා සම්බන්ධයෙන් අද අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට චෝදනා එල්ල කරන මාධ්‍ය වාර්තාවල, ගරු චාමර සම්පත් මන්ත්‍රීවරයාට දැනටමත් ලබා දී ඇති ඇප අවලංගු කිරීමේ අයදුම්පත අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව හෝ චූදිතයාගේ නීතිඥවරයා කොමිසමේ නීතිඥවරයා විසින් කරන ලද මෙම ඉදිරිපත් කිරීම්වලට විරුද්ධ වූ බව හෝ සඳහන් කර නැත. 

2025 අප්‍රේල් 28 වන දින කොමිසමට කළ මාගේ ප්‍රකාශයේ, ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් කරන ලද ප්‍රකාශයකින් ගරු චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ කලාත්‍රයා ඔහුගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇත්දැයි මාගෙන් විමසූ බව මම ප්‍රකාශ කළෙමි. මම නීතිඥයෙකු ලෙස උපදෙස් ලබා දී ඇති බැවින්, මට කිසිදු හෙළිදරව්වක් කිරීමට හැකියාවක් නොමැති බව මම ප්‍රකාශ කළෙමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149 සහ 150 වගන්ති මම කොමිසම වෙත යොමු කළෙමි, එමඟින් පාර්ලිමේන්තුවට රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ පාලනය ඇති අතර නිශ්චිත අරමුණු සඳහා නීතියෙන් වෙන් නොකළ ජනරජයේ අරමුදල් වෙනුවෙන් එක් ඒකාබද්ධ අරමුදලක් සෑදිය යුතුය. 

මුදල් අමාත්‍යවරයාගේ අතැති වරෙන්තුවක් යටතේ හැර අරමුදලෙන් මුදල් ආපසු ලබා ගත නොහැක. එම චක්‍රලේඛය නීතියේ නැවත ප්‍රකාශයක් පමණි. චක්‍රලේඛය නීතිය නොවේ. නීතියට අනුව නිසි ක්‍රියාමාර්ගය වන්නේ ස්ථාවර තැන්පතුව ඉවත් කර පළාත් අයවැයෙන් අවසර දී ඇති එවැනි අරමුණු සඳහා අයදුම් කිරීමයි.

මා සම්බන්ධයෙන් කරන ලද මෙම ඉදිරිපත් කිරීම් අධිකරණය හිතාමතාම නොමඟ යැවීමකි. ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මම මගේ නීතිඥයින්ගෙන් උපදෙස් ලබා ගනිමි.

තවද, CIABOC විසින් විමර්ශනය සිදු කළ ආකාරය පිළිබඳව මම කොමිසමට ලියා ඇත. ලිපියේ පිටපතක් අමුණා ඇත.

2025 මැයි 16
ගරු සභාපති
අල්ලස් චෝදනා විමර්ශන කොමිසම
හෝ දූෂණ අංක 36, මලලසේකර මාවත
කොළඹ 07

හිතවත් සභාපතිතුමනි, 

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව සිදු කරන ලද විමර්ශනයකොමිසම විසින් මා වෙත එවන ලද ලිපි වෙත යොමු කිරීමට මම කැමැත්තෙමි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය සඳහා පහත සඳහන් කිරීම් කර ඇත.

A. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව සිදු කරන ලද විමර්ශනය – 2025.04.11
ආ. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 49(1) වගන්තියේ නියමයන් යටතේ දැන්වීම පනතේ නියමයන් යටතේ සිදු කරන ලද විමර්ශනය සම්බන්ධයෙන් – 2025.04.21
C. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 49(1) වගන්තියේ නියමයන් යටතේ අවසන් නිවේදනය පනතේ නියමයන් යටතේ සිදු කරන ලද විමර්ශනය සම්බන්ධයෙන් – 2025.04.25

02. 2025 අප්‍රේල් 10 වන දින, ගරු චාමර සම්පත් මහතා සම්බන්ධයෙන්  අමාත්‍ය සමන්ත වෛද්‍යරත්න විසින් කරන ලද ප්‍රකාශයකින් ඔහුගේ වරප්‍රසාද උල්ලංඝනය කර ඇත්දැයි ඔහුගේ බිරිඳ මගෙන් විමසා පසුව මගෙන් උපදෙස් ලබා ගන්නා ලදී.

ඊට පසු දිනම, එනම් 2025 අප්‍රේල් 1 වන දින, ඔබගේ කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සී. අසිත ඇන්තනි මහතා විසින් අත්සන් කරන ලද ලිපියක් මට ලැබුණි, 2025.04.17 දින ඔබගේ කොමිසමේ දූෂණ විමර්ශන අංශය III වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙස මට උපදෙස් දෙමින්. ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා, මගේ නීති උපදේශකවරයා ඔබගේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට ලිපියක් යවමින් කියා සිටියේ, අප දෙදෙනාම කොළඹින් බැහැරව සිටින බැවින් එම දිනයේ කොමිසමේ දූෂණ විමර්ශන අංශය I ඉදිරියේ පෙනී සිටීමට අපට නොහැකි බවයි.

03. 2025 අප්‍රේල් 21 වන දින, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2025.04.25 දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මගෙන් ඉල්ලා සිටියේය. එම ලිපියේ, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 126 වගන්තිය ප්‍රකාරව කොමිසම ඉදිරියේ පෙනී සිටීමට මා විසින් සපයා ඇති හේතුව සාධාරණ හේතුවක්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනයක් පවත්වන බව ඔබට සඳහන් කර තිබුණි.

04. 2025 අප්‍රේල් 2 වන දින නීතිඥ රෙෂාන් ගමගේ මහතා කොමිසමට දැනුම් දුන්නේ මගේ නීති උපදේශක රොනල්ඩ් පෙරේරා මහතා 2025 අප්‍රේල් 27 වන දින දක්වා රටින් බැහැරව සිටින බවත්, ප්‍රකාශයක් ලබා දීම සඳහා කොමිසම ඉදිරියේ පෙනී සිටීමට තවත් දිනයක් ඉල්ලා සිටි බවත්ය. කොමිසම ප්‍රතිචාර වශයෙන් යවන ලද 2025 අප්‍රේල් 25 වන දිනැති ලිපියේ ද සඳහන් වූයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස මැදිහත් වෙමින් මාධ්‍යයට ප්‍රකාශයක් කළ බවයි.

05. රොෂාන් ගමගේ මහතා කොමිසමේ අවධානයට යොමු කළ කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කැමැත්තෙමි. 2025 අප්‍රේල් 1 වන දින මඩකලපුවේ පැවති ප්‍රසිද්ධ දේශපාලන රැලියේදී අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේ මා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට යවන ලද ලිපි දුටු බවයි.

06. එබැවින්, කිසිදු පදනමක් නොමැතිව මා විසින් නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මෙම ලිපි මා වෙත එවීමෙන් සහ මගේ නීතිඥවරයා විසින් එවන ලද ලිපි අතිගරු ජනාධිපතිතුමා සමඟ බෙදා ගැනීමෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හැසිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
මේ සඳහා මගේ නීතිඥයින් ඔබගේ ගෞරවනීය කොමිසම සමඟ සම්බන්ධ වනු ඇත.

ස්තූතියි,
රනිල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවේ Viii වැනි විධායක ජනාධිපති

රාජපක්ෂ ප්‍රේමදාස නව සුසං‍යෝගයක්.!

රාජපක්ෂ ප්‍රේමදාස නව සුසං‍යෝගයක්.!

විපක්ෂනායකවරයාගේ ආරාධනය අනුව හෙට (17) දිනයේ පැවැත්වෙන සාකච්ඡාව සදහා තමන් සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.

පලාත් පාලන ආයතනවල සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

දුම්රිය රැසක් අවලංගු වෙයි.!

දුම්රිය රැසක් අවලංගු වෙයි.!

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමේ තීරණය මතයි.

මහින්දානන්දගේ වාරයත් පැමිණෙයි.!

මහින්දානන්දගේ වාරයත් පැමිණෙයි.!

පසුගිය ගෝඨාභය පාලන සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඇමති නලින්දට තවත් වගකීමක්.!

ඇමති නලින්දට තවත් වගකීමක්.!

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දස වෙනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්විය.

ඒ, ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමේ රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය 8 වැනිද‍ා පැවැත්වූ අවස්ථාවේදී ය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාද මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මහින්ද පාපයක් යාපාගේ කර මතින් කැපෙයි.!

මහින්ද පාපයක් යාපාගේ කර මතින් කැපෙයි.!

අල්ලක් කොමිසම විසින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

ඒ 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කිය සිදුවීමකට අදාළවය.

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය  ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙලෙස නඩු පැවරීමට කටයුතු කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත් අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 5ක් සහ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර ඇති අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21 ක්ද ඉදිරිපත් කර ඇත.

දේශබන්දු පරීක්ෂණයට දින නියම වෙයි.!

දේශබන්දු පරීක්ෂණයට දින නියම වෙයි.!

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව විසින් වැඩ තහනම් වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කැඳවීමක් කර තිබේ.

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එළැඹෙන 19වනදා ප.ව. 2ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා තිබේ.

පොදු ප්‍රවාහනය සඳහා ලොරි චැසි බස් බොඩි එන ජනවාරියෙන් පසු තහනම්.!

පොදු ප්‍රවාහනය සඳහා ලොරි චැසි බස් බොඩි එන ජනවාරියෙන් පසු තහනම්.!

ප්‍රවාහන මහාමර්ග, සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ 2026 ජනවාරි මාසයේ සිට මෙරට පොදු ප්‍රවාහනය සඳහා දැනට භාවිත කරනා නිසි ප්‍රමිතියෙන් සහ ආරක්ෂාවෙන් තොර ඉන්දියානු බස් රථ මෙරටට ආනයනය කිරීම තහනම් කරන බවයි.

ඔහු මේ බව පැවසුවේ, රම්බොඩ, ගැරඩිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පසුගිය දා කරුණු පැහැදිලි කරමින් එම අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ය.

මගී ප්‍රවාහනය සඳහා යොදාගන්නා බස් රථ සම්බන්ධයෙන් විශේෂිත මාර්ගෝපදේශන මාලාවක් කඩිනමින් ඉදිරිපත් කර ඊට අනුකූල බස් රථ පමණක් ආනයනය කිරීමට කටයුතු කරනා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට මෙරට පවතින එවැනි බස් රථ භාවිතයෙන් ඉවත්කිරීම සඳහා දීර්ගකාලීන වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බවත්, දෙවන අදියර ලෙස එම කටයුත්ත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රථ වාහන අනතුරු වළක්වා ගැනීම සඳහා රියැදුරන් නිරීක්ෂණය කළ හැකි AI තාක්ෂණික පද්ධති ලංගම සහ පෞද්ගලික දුර ගමන් සේවා බස් රථ සඳහා හඳුන්වා දීමට පියවර ගන්නා බවද බිමල් රත්නායක මහතා පැවසීය.

ඉදිරියේදී මගී ප්‍රවාහනයට අවසර ලැබෙන්නේ AI වැනි තාක්ෂණික පහසුකම් සහිත බස් රථවලට පමණක් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, මෙම තාක්ෂණික ක්‍රමවේදය බර වාහන සහ දුම්රිය සේවය සඳහා ද හඳුන්වා දීමට කටයුතු කරන බව ත් එමෙන් ම දුර සේවා රියැදුරන්ට විවේක ගැනීමට ඇති ස්ථාන නවීකරණය කර සකස් කිරීමට කටයුතු කරන බව ත් ය.

නාමල් සජිත් වමට සිග්නල් දමා දකුණට හරවයි.!

නාමල් සජිත් වමට සිග්නල් දමා දකුණට හරවයි.!

ඊයේ (15) කොළඹදී ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව බලය පිහිටුවීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වුණි.

එහි විශේෂත්වය වූයේ, පළාත් පාලන ආයතන 13ක ජය තහවුරු කර ගැනීමට හැකි වූ සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඊට සහභාගී නොවීමයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්, විපක්ෂය නියෝජනය එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂවල මහ ලේකම්වරුන් ඊට සහභාගී වූහ.

නමුත් සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි , පක්ෂ මහ ලේකම්වරුන්ගේ මෙම සාකච්ඡාවට සහභාගි වී තිබුණේ නැහැ. 

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු  පක්ෂයක් බහුතර සභික සංඛ්‍යාව 50% ඉක්මවු හෝ 50% ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත් වුණා.

ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනයන් හි බලය පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම වෙනුවෙන් පසුගියදා මෙම සාකච්ඡා ආරම්භ කෙරුණා.

එමෙන්ම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එකඟ වී තිබෙනවා.