By unusuma.lk on
(LK time)විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් සිදුකරමින් පවසන්නේ විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරනා ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා නීති විරෝධී ලෙස වෙනම ආයතනයක් පවත්වාගෙන යමින් විදුලිබල මණ්ඩලයට සේවා සපයන බවයි.
විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල මහතා පවසන්නේ මෙලෙස ආයතනයක සභාපති ධුරය දරමින් ඔහුගේ නමින් වෙනම සමාගමක් පවත්වාගෙන යෑම නීති විරෝධී සහ ආයතන විරෝධී ක්‍රියාවක් බවයි.
ආණ්ඩුවට තමන් පත් කළ පුද්ගලයන්ගේ වංචා, දූෂණ නොපෙනෙන බවත් එහෙයින් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසට අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම සභාපතිවරයා පුනර්ජනනීය විදුලිය විනාශ කරමින් පොසිල ඉන්ධන ව්‍යාපෘති ප්‍රවර්ධනය කරන බවටද එම සංගමය චෝදනා කරයි.