By unusuma.lk on
(LK time)ගෘහස්ථ විදුලි සැපයුම් රැහැන් අනවසරයෙන් වැටවල්වලට සම්බන්ධ කිරීම මගින් පසුගිය වසර තුළ පමණක් වන අලි 50දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් දැනටමත් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් තවදුරටත් එම ක්‍රියාවලිය සිදුවන බවට තොරතුරු ලැබෙමින් පවතිනා බව මණ්ඩලය පවසයි.
එම නීතිවිරෝධී ක්‍රියාවලිය මැඩ පැවැත්වීම සඳහා ඒ සම්බන්ධයෙන් තොරතුරු තිබේනම්, 0112 118 767 දුරකථන අංකය ඔස්සේ හෝ හදිසි ඇමතුම් අංකයවන 1987 දුරකථන අංක ඔස්සේ වහාම ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කරන ලෙස එම නිවේදනය මඟින් වැඩිදුරටත් ඉල්ලා සිටී.