By unusuma.lk on
(LK time)මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ පරීක්ෂණ මේ වනවිට සිදුකරමින් පවතින අතර චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇත.
චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන මහ බැංකු අභ්‍යන්තර පරීක්ෂණයක් නිසා ඒ ගැන තමන් සඳහන් කිරීම සුදුසු නොවන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
නීතිපතිවරයාගේ උපදෙස් මත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යන බවද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සදහන් කරයි.