මුරපද සහ OTP කේත ගැන ජනතාව දැනුවත් වීම අත්‍යවශ්‍යයි.!

විදෙස් රටවල පොලී අනුපාත 2%ක් තරම් අඩු මට්ටමක පවතින බවත් එම රටවල ඉතිරි කරන්නන් ඔවුන්ගේ දෛනික අවශ්‍යතා පොලී ආදායම මත තීරණය නොකරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ගනු ලබන විවිධ තීරණ සිංහල සහ දෙමළ භාෂා වලින් පමණක් කතා කරන අයට ප්‍රමාණවත් ලෙස ළඟා නොවන බව මහ බැංකු අධිපතිවරයා සදහන් කරයි.

ආර්ථික වර්ධනය පිළිබඳ තොරතුරු ජනගහනයෙන් විශාල පිරිසකට දැන ගැනීමට නොලැබීම අවධානය යොමු කළ යුතු ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා සදහන් කරයි.

විවිධ මූල්‍ය වංචා පිළිබඳව ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අධිපතිවරයා සදහන් කළේ, ගැටලුව වී ඇත්තේ මුරපද සහ OTP කේත අනෙකුත් පිරිස් සමග බෙදා ගැනීමේදීත්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් වීම අත්‍යවශ්‍ය බවයි.

පුවත්පත් කර්තෘවරුන්, පුවත්පත් කර්තෘවරුන්ගේ නියෝජිතයන් සමග මහ බැංකුවේ පැවැති සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.