By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට නිවෙසින් කෑම ගෙන ඒමට අවසර දෙනවාද.? නැද්ද.? සම්බන්ධයෙන් මේ සතියේදී තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරීවරයා නිවාඩු ගොස් සිටින හෙයින් ඔහු නැවත පැමිණි පසු එම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලනු ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක සදහන් කරයි.
කෙසේ වෙතත් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන රැඳවියන්ට ලබාදෙන පහසුකම් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාටද ලබාදී ඇති අතර පැදුරක්, කොට්ටයක්, පිඟානක් සහ කෝප්පයක් ලබාදී ඇත.
මේ අතර අද (01) දින මන්ත්‍රි චාමර සම්පත් දසනායක කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන (08) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.