හිරේ ඉන්න චාමරට කට අරින්න වෙයි.!

පසුගිය රජය සමයේ රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් කළ බව කියන පොස්පේට් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය අවසර ලබාදී ඇත.

රුපියල් මිලියන 2,700ක පාඩුවක් කළ බව කියන පොස්පේට් ගනුදෙනුව සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් අධිකරණය හමුවේ ගොනු කළ කරුණු සැලකිල්ලට ගනිමින් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය අවසර ලබාදී ඇත.

ඒ අනුව අධිකරණ නියෝග මත දැනට බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගෙන් බන්ධනාගාරයේදී ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments