By unusuma.lk on
(LK time)ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරගය තම ජීවිතයේ වටිනාම තරගයක් බවත් තමාට දැඩි පීඩනයක් එල්ල වී ඇති බවත් එම පීඩනය තම රට වෙනුවෙන් බාරගන්නා බවද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරී අතපත්තු සදහන් කළාය.
නායිකා චමරී අතපත්තු තවදුරටත් සදහන් කළේ,
“දැන් ප්‍රෙෂර් එකක් ඇවිත් තියනවා. මම ආසයි ඒ ප්‍රෙෂර් එකට. චැලේන්ඩ් එකට. හෙට ලොකු දෙක් කරලා දෙන්න පුලවන් කියලා මම හිතනවා. අනෙක් කණ්ඩායමටත් ප්‍රෙෂර් එකක් තියනවා. ඒ ප්‍රෙෂර් එක හොදටම හැන්ඩ්ස් කරන ටිම් එක මැච් එක දිනයි.
මේ කන්ඩිෂන් එක ගැන කාටවත් බ්ලේම් කරන්න බෑ. අනික් අයත් සෙල්ලම් කරන්නේ මේ කන්ඩිෂන් වල. ඒ අයට පුලුවන් නම් අපට බැරි වෙන්න බෑ. හෙට එන්න. ඔබ මානසිකව සතුටින් ඉන්නවා කියන්න බෑ. ඔබ ගොඩක් දේවල් බලන් ඉන්නවා කියලා දන්නවා. අපට සෙමි ෆයිනල් ගහන අවස්ථාව නැතිවෙලාම නෑ.
දැන් ඉදිරි තරග දිනන්න අවශ්‍යයි. හෙට තියන තරගය මුලින්ම දිනන්න අවශ්‍යයි. හෙට තරගය හොඳින් ක්‍රිඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ හෙට ගහන්නේ මගෙ ජීවිතයේ වටිනාම තරගයක්. මම මට චැලේන්ජ් කරනවා කොහොම ද හෙට ඒ ප්‍රෙෂ්ප එක හැන්ඩ්ස් කරන්නේ කියලා. ඒක මම ගන්නවා.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරී අතපත්තු මේ බව සදහන් කළාය.