මහ උළු ගෙදර රෙදි මහන මායියා ගැන චන්ද්‍රසේන කියන කතාව.!

දූෂණ චෝදනා මත රිමාන්ඩ් භාරයට පත් සිය බිරිඳ සහ සහෝදරයා හේතුවෙන් තමා දේශපාලන කටයුතු අවසන් නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

දේශපාලනයේ හා වෙනත් කටයුතුවල නිරත වීමේදී ඕනෑම අයෙකු අතින් යම් අඩුපාඩු සිදුවිය හැකි බව ඔහු පවසයි.

කෙසේවෙතත් ස්වාධීන ආයතනයක් වන අධිකරණයට තමා ගරු කරන නමුත් අධිකරණ තීන්දුවට එරෙහිව මහාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ අභියාචනා ගොනු කර ඇති බවත්, සාධාරණ තීන්දුවක් ලැබෙන ඇතැයි තමා විශ්වාස කරනා බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.එම්. චන්ද්‍රසේන

“මහනුවර පැවති රැස්වීමකදී, මගේ අසල්වැසියා වන ලාල් කාන්ත ඇමතිතුමා කිසිදු වැරැද්දක් නොකළ අය අත ඔසවන ලෙස ඉල්ලා සිටියා. නමුත් කිසිවෙකුත් අත ඔසවා නැහැ. දේශපාලන හෝ වෙනත් කටයුතුවල යෙදෙන විට අඩුපාඩු සිදුවීම සාමාන්‍ය දෙයක්. දේශපාලන ක්ෂේත්‍රයේ කීප දෙනෙකුම මෙවැනි සිදුවීම්වලට මුහුණ දී තිබෙනවා. එය සරදමට ලක් කළ යුත්තක් නොවේ,”

එස්.එම් චන්ද්‍රසේන මහතාගේ සහෝදරයා වන හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ චන්ද්‍රසේන මහතාගේ බිරිඳ ශාන්තිනී චන්ද්‍රසේන, පසුගියදා දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 16ක දැඩි වැඩ සහිත සිර දඬුවමකට යටත් කෙරිණි.

අප්‍රේල් 02 වන දින, කොළඹ මහාධිකරණය විසින් අදාළ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වීම මත එස්.එම්. රංජිත් සහ ශාන්තිනී චන්ද්‍රසේන යන පුද්ගලයින් දෙදෙනාටම වසර 16ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදී.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සේවය කළ එස්.එම්. රංජිත්, ඔහුගේ පෞද්ගලික ලේකම් වූ ශාන්තිනී චන්ද්‍රසේනගේ වැටුපට ඉන්ධන දීමනාව එකතු කර තිබියදීත්, ඇයගේ නිල වාහනය සඳහා ඉන්ධන වෙන් කිරීමට කටයුතු කිරීම ඔවුන්ට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාවයි.

රංජිත් මහතා 2012 සිට 2014 දක්වා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සේවය කළ කාලය තුළ චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ශාන්තිනී, ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස සේවය කර ඇත.

අල්ලස් කොමිසම විසින් ශාන්තිනී චන්ද්‍රසේන මෙම කාලය තුළ වවුචර මගින් රුපියල් 2,680,528ක් සහ රුපියල් 5,379,623ක් වටිනා ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර ඇත.

ඇය සහ රංජිත් යන දෙදෙනාම ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල වාහන දෙක සහ ආරක්ෂක වාහනයට අමතරව තවත් වාහන දෙකක් නිදහස් කිරීමට පළාත් සභා මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ චෝදනාවටද ලක්ව සිටිති.

ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස සේවය කළ කාලය තුළ ඇයට නිල වශයෙන් හිමි නොවූ ඉන්ධන ප්‍රතිලාභ ලබා ගැනීම සම්බන්ධයෙන් ශාන්තිනී චන්ද්‍රසේන මෙම චෝදනාවට ලක්ව සිටින අතර, එම චෝදනාව සම්බන්ධයෙන් ස්වාමිපුරුෂයාගේ සහෝදරයා වන එස්.එම්. රංජිත් මහතාද චෝදනා ලබා ඇත.

මේ වනවිට බරපතල වැඩ ඇතිව සිරදඩුවමට ලක්ව ඇති රංජිත් මුද්‍රණ ක්ෂෙත්‍රයේ සිරකරුවන් සමගද ශාන්ති මැහුම් ක්ෂෙත්‍රයේ සිරකාරියන් සමගද වැඩ සඳහා යොදවා තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments