ශ්‍රී ලාංකීය කුකුළන්ට සුභ අනාගතයක්.!

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය සහ චීන රේගු පාලන ආයතනය අතර වූ ගිවිසුමක් හරහා ශ්‍රී ලංකාවෙන් චීනයට කුකුළු මස් අපනයනය කිරීම සම්බන්ධයෙන් වූ යෝජනවාට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

යෝජිත ගිවිසුමට හරහා, කුකුළු මස් අපනයනය සඳහා නිශ්චිත වූ ක්‍රියාපටිපාටියක් සකස් කර, පරීක්ෂා කිරීම, නිරෝධායනය සහ සෞඛය අවශ්‍යතාවන්ට අනුකූල වන ලෙස ක්‍රියාවලිය සිදුකිරීමට නියමිත වේ.

මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ කුකුළු මස් නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, දේශීය වෙළඳපොලේ මිල අඩු කිරීමටත් උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මීට අමතරව, මෙම ගිවිසුම ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි රජය අපේක්ෂා කරන අතර චීනය විසින් ශ්‍රී ලංකාවේ කුකුළු මස්, බිත්තර සහ අන්නාසි ආනයනය සඳහා ඇති බාධක ඉවත් කිරීමත් මෙහි වැදගත් අංගයක් ලෙස සැළකේ.

මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත. මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන ක්ෂේත්‍රයේ වැදගත් සංධිස්ථානයක් ලෙස සැළකේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.