By unusuma.lk on
(LK time)රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වත්මන් රජය කැපවන බවත් ළමා අපයෝජන වලක්වා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් සඳහන් කරයි.
අමාත්‍ය සරෝජා පෝල්රාජ් සඳහන් කළේ,
“අපට වාර්තා වන සිදුවීම් වලදී වින්දිතයාගේ පාර්ශවය වඩාත් හොද සේවාවක්, ඉක්මන් විසදුම් ලබාගන්නත්, ඒ වගේම නීතියේ ආරක්ෂාව පිළිසරණ අවශ්‍ය වෙලාවට ඒ සඳහා දායක වෙන්න, නීතීඥ සහාය ඕනෑම උපකාරක සේවාවක් ලබාගන්න දරුවන් වෙනුවෙන් අපි හැමවිටම ජාතික ළමාරක්ෂණ අධිකාරිය කටයුතු කරනවා.”
සියලුම ආයතන එකතු වී ළමා අපයෝජන අවම කිරීමට ඒකාබද්ධ ප්‍රවේශයකින් බහු ආංශික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන සඳහන් කරයි.
”මෙවැනි යාන්ත්‍රණයක් රට ඇතුලේ හැදිලා තිබුණේ නෑ. මෙතනදී විශේෂයෙන් දරුවන්ට එරෙහිව කායික දණ්ඩනය තුරන් කිරීමට අදාළ දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට අවශ්‍ය සංශෝධන අරගෙන එන එක. ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාල තුල අපරාධ වාර්තා කරනය සම්බන්ධයෙන් ගැටලු ටික ඉක්මනින් නිරාකරණය කරගන්න එක. වින්දිත දරුවන්ගේ අනන්‍යතාවට සිදුවන හානිය සම්බන්ධයෙන් අපි ඉක්මනින්ම මැදිහත්වීමක් බලාපොරොත්තු වෙනවා.”
මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව ස්ථාවර ජාතික කමිටුවක් පත්කර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී. ආර් ඔල්ගා සඳහන් කරයි.