දරුවන් අතර රෝග වැඩිවීමක්.. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.!

මේ දිනවල දරුවන් අතර රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වයේ වැඩි වීමක් මේ දිනවල දක්නට ලැබෙන බවත් දරුවන් අතර මෙම රෝගී තත්ත්වය සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

තවද මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගන්‍යා රෝගය වැඩි වීමක් දක්නට ලැබෙන බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

එනිසා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සම්බන්ධව සියලු දෙනා අවධානය යොමුකළ යුතු බවත් චිකුන්ගන්යා රෝගයෙන් පසු මාස ගණනාවක් පුරාවට හන්දි කැක්කුම් ආදියෙන්ද පීඩා විඳීමට සිදුවන බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

තවද ගර්භණී මාතාවන්ට සහ වයසක පුද්ගලයින්ට චිකුන්ගන්යා රෝගය වැළඳුනහොත් එය අසාධ්‍ය විය හැකි බවත් ගර්භණී මව්වරුන් විසින් ප්‍රසූත කරනු ලබන දරුවාටද මෙම තත්ත්වය බලපෑ හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments