ට්‍රම්ප්ට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම්.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරටට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා 34%ක නව තීරුබදු පැනවීමට ගත් අතර එයට ප්‍රතිඋත්තර ලෙස අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය විසින් 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තේය.

අනතුරුව එම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (07) දින අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තීරණය කළේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම තීරණයට ප්‍රතිඋත්තර ලබාදෙමින් චීන වාණිජ අමාත්‍යංශය සදහන් කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා චීන නිෂ්පාදිත භාණ්ඩ සඳහා අතිරේක 50%ක බද්දක් පැනවීමට ගත් තීරණය “වැරැද්දක් මත වැරැද්දක්” ලෙස හඳුන්වන බව චීන වාණිජ අමාත්‍යංශය සදහන් කරයි.

තවද චීන වාණිජ අමාත්‍යංශය අමෙරිකානු ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ, නව තීරුබදු සඳහා වන සියලු සැලසුම් ඉවත් කරන ලෙසත් එක්සත් ජනපද – චීන වෙනස්කම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙසයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments