චීන රජය විසින් පිරිපහදු කළ ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟතාව පළ කර ඇත.
ඒ සම්බන්ධයෙන් හෙට (06) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට ලැබෙන ඉන්ධන වර්ගය සහ අදාළ නෞකාව මෙරටට පැමිණෙන දිනය පිළිබඳව එම සාකච්ඡාවේදී අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

