පෙරුම්කායම් ඉල්ලුම ඉහළ යන ලකුණු.. චීනයෙන් තවත් හෙනයක් ලෝකයට බෙදයි.!

2025 වසරේ ජනවාරි මාසයේදී චීනයේ පැතිර යන හියුමන් මෙටානියුමෝනියා (HMPV) වෛරසය සම්බන්ධයෙන් මේ වනවිට ලොව පුරා නැවත කතාබහට ලක්ව ඇත.

කෙසේවෙතත් මෙම වෛරසය සම්බන්ධයෙන් චීන බලධාරීන් වාර්තාවක් නිකුත් කරමින් පවසන්නේ, එය අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බවත්, ශීත සමයේ දී මෙවැනි වෛරස පැතිරයාම සාමාන්‍ය කරුණක් බවත් බවත් ය.

එමෙන්ම, චීනයට සංචාරය කිරීමේ කිසිදු අවදානමක් නොමැති බවත්, විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍ය පිළිබඳව තමන් සහතික වන බවත් චීන බලධාරීන් පවසයි.

HMPV වෛරසය යනු ශ්වසන පද්ධතියට බලපාන වෛරසයක් වන අතර, එය පළමු වරට 2001 දී හඳුනාගන්නා ලදී. මෙම වෛරසය ශීත සමයේදී වැඩිපුර පැතිරෙන අතර, එය ඉන්ෆ්ලුවෙන්සා හෝ COVID-19 වැනි රෝග ලක්ෂණ ඇති කරයි. HMPV වෛරසය කැස්ස, සීතල, උණ, හුස්ම ගැනීමේ අපහසුව, සහ වමනය වැනි රෝග ලක්ෂණ ඇති කරයි. විශේෂයෙන්ම, කුඩා දරුවන්, වයස 65ට ඉහළ අය, සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල අය මෙම වෛරසයට ගොදුරු වීමේ අවදානම ඉහළ බව පැවසේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකය මෙම වෛරසය පිළිබඳව සමීපව අධීක්ෂණය කරමින් සිටින අතර, තවදුරටත් විස්තර ප්‍රසිද්ධයට පත් කිරීමට පෙර සම්පූර්ණ අධ්‍යයනයක් සහ විශ්ලේෂණයක් සිදු කරන බව ප්‍රකාශ කර ඇත. සෞඛ්‍ය බලධාරීන් විසින් අවශ්‍ය පියවර ගැනීමට සූදානම් වී සිටින බව ප්‍රකාශ කර ඇත. විශේෂයෙන්ම, ගුවන්තොටුපල සහ වරාය සහ සංචාරකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සමීපව අධීක්ෂණය කරන බව පැවසේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.