පානදුර ප්‍රදේශයේ පදිංචි රජයේ රෝහලක සේවය කරන දන්ත වෛද්‍යවරියක් අවුරුදු සමයේ තම පුත්‍රයා විසින් මිලදී ගෙන ඇති චීන පටස් එකක් දත්වලින් හපා පරීක්ෂා කිරීමට යාමේදී එය පිපිරී යාමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
එසේ බරපතල තුවාල ලබා සිටින වෛද්‍යවරියගේ පුත්‍රයා අසල වෙළඳසැලකින් චීන පටස් පහක් මිලදී ගෙන නිවසේ සාලයේ මේසය මත තබා ගොස් ඇති අතර ඒවා පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව, වෛද්‍යවරිය එය හඳුනා ගැනීම සඳහා දත්වලින් හපා පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේදී චීන පටස් එක මුඛය තුළම පුපුරා යාමේ හේතුවෙන් ඇයගේ මුහුණට සහ මුඛයට බරපතල තුවාල සිදුවී ඇති අතර, දත් කිහිපයකටද හානි සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට බරපතල තත්ත්වයේ පසුවන වෛද්‍යවරිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් පිපිරීම සිදුවූ ස්ථානයේ පරීක්ෂණ පවත්වා ඇති අතර, තවදුරටත් පානදුර දකුණ මූලස්ථාන පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.