අමෙරිකාවේ බලය බිද දැමු චීනය අභ්‍යාවකාශය සියතට ගනී.!

චීනය විසින් අභ්‍යවකාශයේ වැඩිම කාලයක් රැඳී සිටි ගගනගාමීන්ගේ වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් වී ඇති අතර එම චීන ගගනගාමීන් දෙදෙනා පැය නවයක කාලයක් අභ්‍යවකාශයේ රැදී සිට ඇත.

මීට පෙර අමෙරිකානු ගගනගාමීන් දෙදෙනෙකු 2001 වසරේදී පැය අටයි මිනිත්තු 56ක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටිමින් ලොව වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැදී සිටි වාර්තාව පිහිටුවා තිබුණේය.

චීනය සිය අභ්‍යවකාශ මෙහෙයුම් මේ වනවිට පුළුල් කර ඇති අතර එහි එක් අදියරක් ලෙස මෙම වසර මුලදී චන්ද්‍රයාගේ දුරස්ථම ප්‍රදේශයක සිට පළමුවරට සාම්පල රැස් කිරීමටද සමත් වුණා. 

Shenzhou-19 අභ්‍යවකාශ යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වන Cai Xuzhe සහ Song Lingdong පැය නවයක කාලයක් අභ්‍යවකාශයේ රැදී සිට ඇත.

නාසා ආයතනයට අනුව 2001 මාර්තු (12) වැනි දින අමෙරිකානු ගගනගාමීන් වන ජේම්ස් වොස් සහ සුසාන් හෙල්ම්ස් විසින් පැය අටයි මිනිත්තු 56ක කාලයක් අභ්‍යවකාශයේ රැදී සිට ඇත.

චීනයේ අරමුණ වන්නේ එළඹෙන 2030 වසර වනවිට මිනිසුන් සහිත චන්ද්‍ර ගමනක් සම්පූර්ණ කිරීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.