By unusuma.lk on
(LK time)දකුණු චීනයේ පුද්ගලයෙකු විසින් සිය මෝටර් රථය ක්‍රීඩාංගණයක් තුළට ධාවනය කර පුද්ගලයන් 35 දෙනෙකු ඝාතනය කළ පුවතක් වාර්තා වෙයි.
මෙම මෝටර් රථ අනතුර දශක ගනනාවක් තුළ එරට සිදු වූ දරුණුතම මහජන ප්රචණ්ඩ ක්‍රියාව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ක්‍රීඩාංගනයක ධාවන පථයේ ව්‍යායාම කරමින් සිටි පුද්ගලයින් පිරිසක් යට කරමින් මෙම උන්මත්තක පුද්ගලයා සිය මෝටර් රථය ධාවනය කර ඇති බව වාර්තා වෙයි.
වැඩිහිටියන් සහ ළමුන් ඇතුළුව ඉන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 45කට අධික බව විදෙස් මාධ්‍යයන්හි සඳහන්.
මෙම අනතුරු සිදු කර ඇත්තේ සිය දික්කසාද සමථයකට පත් වීම පිළිබඳ කනස්සල්ලෙන් පසුවූ 62 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි
අනතුරින් පසු ඔහු විසින්ම සිය ගෙලට සහ ශරීර කොටස්වලට තියුණු ආයුධයකින් තුවාල සිදුකරගෙන තිබූ බව පොලීසිය පවසයි.
මෙම සිදුවීම චීනයේ දැඩි මහජන විරෝධයක් දක්වා දිග්ගැස්සී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.