26 හැවිරිදි විදෙස් කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කරයි

කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ 26 හැවිරිදි විදෙස් ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.

අදාළ චීන කාන්තාව කළුබෝවිල ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති බවත් ඇයගේ චීන ජාතික පෙර පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව චීන ජාතික පෙම්වතා අත්අඩංගුවට ගැනිම සඳහා කොහුවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි. 

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments