ජොන්ස්ටන් CIDයට.!

පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ලියාපදිංචි නොකළ BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඊයේ (22) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දී තිබුනේ තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බවයි.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,

“බලමු මොකද වෙන්නේ කියලා… කාලය විසින් ප්‍රශ්නවලට උත්තර දෙයි.. මට කියන්න තියෙන්නෙ කවදහරි සත්‍ය ජයග්‍රහණය කරයි කියල” 

Loading